සිනමා සක්විති ලෙස විරුදාවලියට පත් සම්මානනීය නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත්‍රයා වන ප්‍රවීන සිනමා නළු දමිත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන පැහැදී ඔහු සමග එකතු විය.
මේ අයුරින්ම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාද, 1988 ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස මහතාට සහාය පළ ඔහු සමග එක් වූ අතර රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ගාමිණී ෆොන්සේකා මහතා මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී කතානායකවරයකු වශයෙන්ද කටයුතු කළේය.
Lanka Newsweek © 2024