ලොව ධනවත්ම ව්‍යාපාරිකයකු වූ ඉලෝන් මස්ක්ගේ Starlink හි මෙහෙයුම් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ සැලැස්ම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ යම් නිෂ්කාශනයක් ලැබීමට නියමිත බැවින්, ජනාධිපතිවරණය අවසන් වන තුරු අත්හිටුවා ඇති බව ඉහල ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා ‘ස්ටාර්ලින්ක්’ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මීට පෙර නිවේදනය කළේය.
ඊට අමතරව, එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සමාගමට රට තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට ඉඩ දීම සඳහා දශක ගණනාවක් පැරණි නීතියකට සංශෝධන පාර්ලිමේන්තුව විසින් අඟහරුවාදා අනුමත කරන ලදී. වසර 28කට පසු ප්‍රථම වරට පවතින නීතිය සංශෝධනය කළ නව විදුලි සංදේශ පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
සංශෝධන මඟින් නව බලපත්‍ර වර්ග තුනක් හඳුන්වා දෙන අතර බලපත්‍රලාභී සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ටෙලිකොම් වෙළඳපොළට ඇතුළු වීමට Starlink හට ඉඩ ලබා දේ කෙසේ වෙතත්, රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරණයට පෙර මෙය දියත් කිරීම කළ නොහැකි බවයි.
එමෙන්ම මේ මස 15 වැනිදා ඉලොන් මස්ක් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවට මීට පෙර මාථථ්‍ය වාර්තා පළවුවද ස්ටාර්ලින්ක් මෙහෙයුම් ලංකාවේ ආරම්භ කරන තෙක් ඒ මහතාගේ ලංකා සංචාරය සිදු නොවන බවද වාර්තා වේ.
Lanka Newsweek © 2024