දේශපාලන පක්ෂවල නම් සහ ලකුණු මුද්‍රණය කරන ලද ටී ෂර්ට් ඇඳගෙන මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවීම මැතිවරණ කොමිෂන් සභාව තහනම් කර ඇතත්, ප්‍රධාන දේශපාලන පක්ෂයක නියෝජිතයන් එම නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වන බවට තොරතුරු අනාවරණය වේ.
මෙම පක්ෂයේ සාමාජිකයන් 20 ත් 50 ත් අතර පිරිසක් සති පොළවල්, වෙළෙඳ සැල් සහ නිවාසවලට ගොස් අත්පත්‍රිකා, වාහන ස්ටිකර් ආදිය බෙදමින් මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවී සිටිති. ඇතැම් ස්ථානවල පොලිස් නිලධාරීන් රැඳී සිටියද මෙම නීති විරෝධී මැතිවරණ ප්රචාරක කටයුතුවලට විරුද්ධව කටයුතු නොකරන බවද පැවසේ.
යම් දේශපාලන පක්ෂයක නම සහ ලකුණ යෙදූ ටීෂර්ට් ජංගම ප්රචාරක ප්‍රදර්ශන යටතට ගැනෙන බවත්, වාහනවල අලවා තිබෙන සියලු ස්ටිකර් ඉවත් කරන ලෙස දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට දැනුම්දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. සෑම පොලිස් ස්ථානයකටම මැතිවරණ කොමිෂන් සභාව විසින් කම්කරුවන් ලබාදී තිබෙන නිසා එම ස්ටිකර් ඉවත් කිරීමේ හැකියාව පවතින බවද කොමිසම කියයි.
කෙසේ නමුත්, මෙම දේශපාලන පක්ෂයේ නියෝජිතයෝ ත්‍රි රෝද රථ සහ වාහනවල ස්ටිකර් ඇලවීමද කරති. මෙවැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ කටයුතු කෙරෙන්නේ නම් ඒ පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවට සහ පොලිසියට පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවද එම කොමිසම කියයි.
Lanka Newsweek © 2024