රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති වීම බවත් අද වන විට කොළ අලි පැටව් හා රතු අලි පැටව් එකට එකතුවී ඇති බවත් මින් ගම්‍යමාන වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිනන්නට අවස්ථාවක් නොමැති බවත් එම නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් කරුණාකර ඔබේ ඡන්දය නාස්ති නොකර මේ රට ගොඩනගන්න ඒ වරම සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේ ම කවුරු හරි ජනතා විමුක්ති පෙරමුණට හෝ අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් එය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමඟ එකට එකතු වී කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක් බවත් රාජ්‍ය මාධ්‍යවල පවා අනුර කුමාර දිසානායකට ලොකු අවකාශයක් ලබා දිම තුළින් රනිල් අනුර ගිවිසුම අද සත්‍යක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 34 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා(5) මිනුවන්ගොඩ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.
සමගි ජන බලවේගය මේ රට ගොඩ ගෙන සංවර්ධනය කරාවි, මේ රටේ ගෙවල් හදාවි කියා, මේ රටේ නිෂ්පාදන කර්මාන්ත බිහි කරාවි කියා බිය වී ඇති බවත් පාසල් 10096ම සුහුරු පාසල් බවට පත් කරාවි යැයි බිය වී ඇති බවත් ලක්ෂ 220 රජවෙන යුගය නිර්මාණය වෙනවාට රනිල් සහ අනුර බිය වී ඇති බවත් ඒ නිසා රනිල් අනුර ගිවිසුම බොහොම පැහැදිලිව ක්‍රියාත්මක වන බවත් මේ රටේ ලක්ෂ 220ක් ජනතාව අමනෝඥයෝ කියා ඔවුන් සිතා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එබැවින් මේ කූඨ දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවී මේ රට ගොඩනගන්න පුළුවන් විශිෂ්ඨ ජන වරම ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.
බංකොලොත් රට ගොඩගන්න නම් ලොකු සංවර්ධනයක් කළ යුතු බවත් ඒ සඳහා මුදල් සෙවිය යුතු බවත් සමගි ජන බලවේගය 76 වසරක ඉතිහාසය වෙනස් කර මිලියන 1000ක වැඩ රට වෙනුවෙන් ඉටු කර ඇති බවත් සෞඛ්‍ය හා අධ්‍යාපනය ගොඩනගන්න කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
සමගි ජන බලවේගය රට වෙනුවෙන් වැඩක් කරන විට අනුර රනිල් බිය වී ඇති බවත් ඔවුන් හැමදාම කළේ රටට වැඩක් කරද්දි විහිලු සැපයිම බවත් මේ විහිලු නිසා අද රට බංකොලොත් වී ඇති බවත් එම නිසා වත්මන් රජයත් ජනතා විමුක්ති පෙරමුණත් කරන බොරු ප්‍රෝඩාවට හසු නොවන ලෙසත් රනිල්ටවත් අනුරටත් හීනෙකින්වත් හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් රටට ගෙන ඒමට තාම කටයුතු කරන බවත් ඒවා ණය නොව ආධාර බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම සදාකාලික දුප්පත්කමින් මුදවා යැපුම් සංස්කෘතියෙන් මුදවා දුප්පත්කමින් මුදවා ගැනීමට කටයුතු කරන බවත් වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කටයුතු කරන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධය පරිමාණ කර්මාන්ත පවා අද කඩා වැටී ඇති මොහොතක එම කර්මාන්තකරුවන්ට පවා ශක්තියක් ලබා දිය යුතු බවත් ඊට අමතරව නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් එහි වැඩි අවස්ථා තරුණයන්ට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
සමගි ජන බලවේගයට නැවත ගෙවල් හදන වැඩපිළිවෙළ ආරම්භ කරන්න රජයේ මුදල් අවශ්‍ය නැති බවත් මේ නිවාස ව්‍යාපෘති සඳහා ආධාර දෙන්න දානපතියන් ඇති බවත් ඔවුන්ට ශක්තිමත් රටක් අවශ්‍ය බවත් එවැනි රටක් ඇති නම් ඕනෑ තරම් සම්පත් තමාට ලබා ගත හැකි බවත් නැහැ බැහැ බලමු කියන වචන තමා ළඟ නොමැති බවත් 2048 වෙනතුරු බලා සිටිම අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
එම නිසා රනිල් අනුර සන්ධානයට කතිරය ගසා ඡන්දය නාස්ති නොකරන ලෙසත් මේ රනිල් අනුර සන්ධානය මේ වන විට ප්‍රසිද්ධ වී ඇති නිසා ලක්ෂ 220ක් ජනතාව දිනවන්නට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න යැයි ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.
Lanka Newsweek © 2024