ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බ්‍රහස්පතින්දා[05]පැවැති සමගි ජන සන්ධාන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ‘‘සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර දිසානායකව පරාජය කිරීමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහියංගනයේ පැවැති ජන රැළියකදී ප්‍රකාශ කර තිබෙන බැවින් එම නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දීමෙන් වැලකි ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් හට ඡන්දය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට පවසන ලදී.
ඒ වගේම මීට පෙර ආණ්ඩු පක්ෂය බලාගත්තේ අගමැතිවරයා බවත් විපක්ෂය බලාගත්තේ විපක්ෂ නායකතුමා බවත් කවදාවත් තුන්කොන් සටහන් නොතිබූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා ඇති අතර කෙසේ නමුත් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගත් පිරිස දේශපාලනිකව අතරමං වෙන්න යන තත්ත්වයක් මේ වනවිට ඇති වෙලා ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
ඒ වගේම විපක්ෂයේ කාර්යයභාර්ය විපක්ෂ නායකතුමා බලාගත යුතුයි කියලා ජනාධිපතිවරයා පැවැසුවත් අවාසනාවට එක්සත් ජාතික පක්ෂයේ කාර්යය භාර්යය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලාගන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වතාවේ පැවැති මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වුණා. අවසානයේ ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකින්. රනිල් වික්‍රමසිංහට තමන්ගේ පක්ෂයවත් ආරක්ෂා කර ගන්න නොහැකි වුණා.
කෙසේ නමුත් අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර යම් දේශපාලනික ගනුදෙනුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙන බැවින් සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එකතු වෙන්න යන බවට අසත්‍ය පුවත් සමාජගත කරමින් සමගි ජනබලවේගය සමඟ එකතු වී සිටින එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ගේ මානසික මට්ටම බිඳවට්ටන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම උත්සහ දරන බව එතුමා වැඩි දුරටත් කියා සිටියේය.
ඒ මෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනුර දිසානායක මහතාට රාජ්‍ය අනුග්‍රහය හරහා දැවැන්ත අවස්ථා ලබාදෙනවා. රටේ පුරවැසියන් ආමන්ත්‍රණය කරන්න රජයේ මාධ්‍ය ඔස්සේ අනුර දිසානායක මහතාට අවස්ථාන ලබාදෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බැවින්. රනිල්ගේ සහ අනුරගේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් මෙයින් අපට පෙනෙන්නට තිබේ.
තවද ජනාධිපති සටනේ ඉදිරියෙන්ම සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවත්, දෙවැනි තැන අනුර දිසානායක බවත් , තෙවැනි තැන රනිල් වික්‍රමසිංහ බවත් සමීක්ෂණ වාර්තා අනුව හොඳින්ම සනාථ වෙලා ඇත. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දුන්නොත් ඡන්දය අපතේ යන එක විතරයි වෙන්නේ. ජනාධිපති සටහනින් ජයගන්න හැකියාව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට, ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතුවෙන ලෙසට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සියලු දෙනාටම ආරාධනා කළේය.
Lanka Newsweek © 2024