පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන දුශේනි මියුරංගි රිදී තිරයෙනුත් සිය දක්ෂතා පෙන්නන්න පටන්ගෙන තියනවා. ඒ දුශේනි රඟපාපු සිංහබාහු චිත්‍රපටය තවමත් තිරගතවන අතරතුර ඇය රඟපාපු සිහින නෙළුම් මල් චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් හමුවේ තබමින්. සිහින නෙළුම් මල් චිත්‍රපටය දුශේනිගේ සාර්ථක රංගනයත් සමග ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගත වෙනවා. පුංචි තිරයෙන් පටන් අරගෙන රිදී තිරයෙත් සාර්ථක ගමනක් යන දුශේනි එක්ක මෙවර අපි කතා කරන්න හිතුවා.
මගේ පළමුවැනි චිත්‍රපටය සිංහබාහුට වැඩිය ගොඩක් ලොකු පරතරයක් තියන සමාජ කේන්ද්‍රීය චිත්‍රපටයක් තමයි සිහින නෙළුම් මල් කියන්නෙ. ආදරය කරලා විවාහවෙලා ළමයි නැතුව මව් පදවිය බලාපොරොත්තුවෙන් ඉන්න නයෝමි කියන තරුණ ගැහැනු කෙනකුගේ චරිතය තමයි සිහින නෙළුම් මල් චිත්‍රපටයේ මම රඟපාන්නෙ. ළමයි හම්බවෙන්න නැතුව ඉද්දි සමාජයෙන් එන බලපෑම් වගේම කිරිදරු සිහිනය ඉෂ්ට කරගැනීමේදී බලාපොරොත්තු නොවුණ සංවේදී සිද්දි දාමයකට මැදිවීම සිහින නෙළුම් මල් චිත්‍රපටයේ තේමාව වෙලා තියනවා. කවදත් වෙනස් විදිහෙ සමාජ කේන්ද්‍රීය චිත්‍රපට නිර්මාණය කරපු සම්මානනීය අධ්‍යක්ෂ සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කරපු සිහින නෙළුම් මල් කියන්නෙ සාමාන්‍ය සරල චිත්‍රපටයකට වැඩිය මාතෘත්වය කියන සංවේදී කාරණාව පෙරදැරි කරගෙන සමාජයට බලපෑමක් කරන්න පුළුවන් ප්‍රබල චිත්‍රපටයක් කිව්වොත් හරි.
නයෝමි කියන්නෙ නිතර රඟපාන සාමාන්‍ය චරිතයක් නෙමෙයි නිසා මට ඇත්තටම දරුඵල අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවෝ ගැන දරුඵල නැති නිසා කාන්තාවන්ට සිදුවන සමාජ ගැරහීම් ගැන වගේම ගැබිනි කාලවල්වලදි මව්වරුන්ගේ හැසිරීම ගැන හොයන්න සිද්ද වුණා. ඒ අත්දැකීම් මත තමයි නයෝමිගේ චරිතය මම ගොඩනගා ගත්තෙ.
සිහින නෙළුම් මල් කියන්නෙ හේමාල් අයියා එක්ක මම රඟපාපු පළමුවැනි චිත්‍රපටය. නයෝමිගේ චරිතය රඟපාන්න හේමාල් අයියාගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඒ වගේම සාමාන්‍ය සරල ආදර කතා තේමා කරගෙන නිර්මාණයවන චිත්‍රපටවලට වඩා සිහින නෙළුම් මල් කියන්නෙ මගෙත් හේමාල් අයියගෙත් රංගන හැකියාවේ ගැඹුර පෙන්නන්න පුළුවන් වුණ චිත්‍රපටයක් විදිහට මම දකිනවා. කතා තේමාව වගේම රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්න හේමාල් රණසිංහ, උමාලි තිලකරත්න, කලණ ගුණසේකර, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි යනාදී නළු නිළියන් නිසා සිහින නෙළුම් මල් චිත්‍රපටය හොඳ ගුණාත්මක ප්‍රමිතියෙන් නිර්මාණය වෙලා තියනවා.
මම රඟපාපු පළමුවැනි චිත්‍රපටය සිංහබාහු තිරගත වෙලා දින 100 පසු කරලා තිබියදීත් ප්‍රේක්ෂකයන්ගෙන් තියන ඉල්ලුම නිසා සමහර සිනමාශාලාවල තවමත් සිංහබාහු තිරගත කරනවා. ඉතින් වෙනස්ම ශෛලියේ රංගනයක් ඉදිරිපත් කරපු චිත්‍රපටයක් තමයි සිංහබාහු කියන්නෙ. ඊට හාත්පසින්ම තවත් වෙනස් ශෛලියේ රංගනයක් ඉදිරිපත් කරපු චිත්‍රපටයක් තමයි සිහින නෙළුම් මල් කියන්නෙ. ඉතින් ශෛලීන් දෙකක රංගනයක් ඉදිරිපත් කරපු චිත්‍රපට දෙකක් එකම කාලයේ තිරගත වීම ගැන ගොඩක් සතුටුයි.
ඔව්. මීට කලින් ටෙලි නාට්‍ය රංගනයන් වෙනුවෙන් සම්මාන හිමි වුණාට ඒ හිමිවුණේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය. හැබැයි රඟපාපු පළමුවැනි චිත්‍රපටයේ රංගනයටම බෙල්සා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය විදිහට නිර්දේශ වෙන්න ලැබුණා.
ගතවුණ කාලය තුළ රඟපාපු සමහර නිර්මාණ ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. ඒ නිර්මාණවල ඉදිරිපත් කරපු රංගනයන් නිසා මගේ වටා ගොඩක් ලොකු රසිකයො ප්‍රමාණයක් ගොඩනැගුණා වගේම සම්මානත් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒ නිසා මම විශ්වාස කරනවා පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් මේ ගතවෙන්නෙ මගේ හොඳම කාලය වෙන්න ඇති කියලා. හැබැයි මම විශ්වාස කරනවා අදට වැඩිය අනාගතය හොඳ වෙයි කියලා. ඒ නිසා අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන වැඩකරනවා.
ඔව්, මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය කරපු සද්දාමංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ සල්ලි පොකුරු ටෙලි නාට්‍යය නිසා මේ දවස්වල ප්‍රේක්ෂකයන් තවත් මාව ආදරයෙන් වැලඳගෙන ඉන්නවා. ද්විත්ව චරිත රඟපාන නිසා සල්ලි පොකුරු කියන්නෙත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂී කඩඉමක් කිව්වොත් හරි.
සමහර වෙලාවට පින්කි සහ හරිනි එකට ඉන්න දර්ශනවලදි තත්පරෙන් තත්පරයට ඇඳුම් වේශනිරූපණය මාරුකරගෙන අනිත් චරිතයට අනුගත වෙන්න ඕන. සල්ලි පොකුරු රඟපාන්න භාරගත්ත මුල් කාලයෙදි නම් ඒ විදිහට ඉක්මනින් වෙනස් වෙන්න වුණ එක අපහසුවක් වුණා. හැබැයි දැන් නම් ඒ ඉක්මන් වෙනසට මම හුරුවෙලා ඉන්නෙ.
ඔව්. මගේ අලුත්ම ටෙලි නාට්‍යය මායාවී සැප්තැම්බර් 02 ඉඳලා විකාශය වෙනවා. මායාවී කියන්නෙ මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනය කරන සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන වෙනස්ම විදිහෙ ලස්සන ටෙලි නාට්‍යයක්.
අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙලා මම රංගනය හදාරලා නැහැ. හැබැයි සමාජයේ ජීවත්වෙන මිනිස්සුන්ගෙ හැසිරීම් ගැන විවිධ සිදුවීම් ගැන හොඳට අධ්‍යයනය කළා. ඒ වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නළු නිළියන්ගේ උපදෙස් අරගෙන ප්‍රායෝගිකව රංගනය පුරුදු පුහුණු වෙලා රංගන හැකියාව ගොඩනගා ගත්තා.
කලාකරුවො විදිහට ප්‍රේක්ෂකයන්ට නිර්මාණ රසවිඳින්න දෙනකොට හරවත්කමින් සහ ඒකාකාරී නැති ගුණාත්මක නිර්මාණ ලබාදෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා නිර්මාණයක් භාරගන්නකොට ප්‍රමිතිය තිර පිටපතේ හරවත්කම අධ්‍යක්ෂවරයාගේ දැක්ම චරිතයේ ස්වභාවය සහ රඟපාන්න ඉන්න අනිත් නළු නිළියො ගැන සැලකිලිමත් වෙනවා.
හැමෝම එක්ක සුහදව කටයුතු කරන නිසා ක්ෂේත්‍රය තුළ ලොකුවට කැපිලි කෙටිලි තිබුණෙ නැහැ. හැබැයි සමහර වෙලාවට මට ලැබෙන්න තිබුණ චරිත අධ්‍යක්ෂවරු වෙනත් නිළියන්ට දීපු අවස්ථා තිබුණා. ඒ ඇරුණාම සමහර කාලවලදි මම මටම බාධකයක් දාගෙන තිබුණා කාලයක් යනකන් නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ට පේන්න එන්නෙ නැහැ කියලා. විවේකයක් ඕන වුණාම මම ඒ වගේ බාධක දාගන්නවා. ඉදිරියෙදි වුණත් සමහර විට ඒ වගේ තීරණයකට යන්න පුළුවන්.
අම්මයි, තාත්තයි, මල්ලියි තමයි මගේ ජීවිතයේ හැමදේටම ළඟින් ඉඳගෙන උදව් කරන්නෙ. ඒ ඇරුණාම රඟපාපු සියලුම ටෙලි නාට්‍යයවල චිත්‍රපටවල අධ්‍යක්ෂවරු, තිර පිටපත් රචකයො, නිෂ්පාදකවරු තමයි අද මම ඉන්න තත්ත්වයට සහාය දුන්නෙ.
පෞද්ගලික ජීවිතයේදි වගේම රංගන ජීවිතයේදිත් ලොකු සහයෝගයක් සචින්ගෙන් ලැබෙනවා. අපි දෙන්නට දෙන්නා එකිනෙකාව බලා ගනිමින් ආදරණීය ජීවිතයක් ගතකරනවා.
මම ක්ෂේත්‍රයට ආවෙ ළාබාල වයසෙදි. ඉතින් ඒ කාලෙදි කාටද ආදරය කරන්නෙ විවාහ වෙන්නෙ කතා එක්කද කියලා අදහසක් තිබුණෙ නැහැ. ඉතින් සචින්ව හම්බ වුණාම නළුවෙක් කියන කාරණයට වැඩිය සචින්ට මම කැමැති වුණේ එයාගේ තියන හොඳ ගතිගුණවලට කිව්වොත් හරි.
අපි තාම ළඟදි විවාහ වෙනවා කියන අදහසක නැහැ. තව කාලයක් ආදරය කරලා විවාහය ගැන හිතනවා.
මගේ නිදහස වෙනුවෙන් සහ ආදරය කරන අය වෙනුවෙන් යම් කිසි කාලයක් වෙන් කරගෙනයි මම නිර්මාණ භාරගන්නෙ. ඒ නිසා එක දිගට නිර්මාණ ගොඩක් භාරගන්නෙ නැතුව නිර්මාණ කිහිපයක් විතරක් භාරගෙන කරනවා.
රූපයත් ලස්සනට තියාගෙන ඇඟත් හැඩට තියාගන්න එක ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒ වෙනුවෙන් කරන්නෙ සමබර ආහාරවේලක් ගන්න ගමන් පිටි, මේද සහිත කෑම පාලනය කරලා හොඳට වතුර බොන එක. ඒ වගේම කාටවත් වෛර කරන්නෙ නැතුව සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන නිසා හිතත් පිරිසුදු වෙලා ඇඟත් ලස්සන වෙනවා.
Lanka Newsweek © 2025