ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ පූර්ණ සහාය සහ අනුග්‍රහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඔහු ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණය කරවන බව ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ උලපනේ සුමංගල නා හිමියෝ පැවසූහ.
කොළඹ දී පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කර සිටී ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ උලපනේ සුමංගල නා හිමියෝ මෙසේ ද කියා සිටියහ.
ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අපි විශේෂයෙන් සදහන් කරමින් කියා සිටියේ මේ වෙලාවේ මේ ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කරන පොරොන්දු ආගම ,ජාතිය,සංස්කෘතිය පිලිබදව ඔවුන් දරන ආකල්ප ඒ වගේම ඔවුන්ගේ දේශපාලන කටයුතු වලදී සාසනය පිලිබදව භික්ෂුන් වහන්සේලා පිලිබදව ,සාසණයට අදාල සංස්කෘතික අංගයන් පිලිබදව දරන ලද ආකල්පයන් අදහස් රටට ප්‍රකාශ කරන ලද මත අනුව මේ තීරණය ගැනීමට ප්‍රධාන වශයෙන්ම හේතු කරණා වූ බව උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
අපේ රටේ දස දහසක් පමණ විහාරස්ථාන තිබෙන බවත් තිස් දහසකට අදික භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩවසනවා ඒ වගේම හැම මැතිවරණයකම තීරණාත්මක බලවේගය බවට පත් වුනේ රටට සමාජයට ඒ තීරණය ලබා ගැනීම සදහා නායකත්වය දුන්නේ ඉතිහාසයේ පටන් අද දක්වා ගෞරවනීය මහා සංඝරත්නයයි.ඒක දැනගත්ත උදවිය කවදාකවත් බලයට පත් වෙන්න බැරිවෙලා 3%ට 2%ටකට බහිනකොට සංස්කෘතිය,සංස්කෘතික අංගයන් ඒවා ගොත්ත්රික කටයුතු හැටියට හෙළා දැකපු අය අද අට පිරිකර අරන් කැමරකාරයන්ට හොරෙන් මහනාහිමිවරු හමුවෙන්න යන්න පටන් අරන් තිබෙනවා.සාසන මාමකත්වය හෝ සාසනයට තියන ලැදියාව නිසා නොවේ මේ බලකාමිත්වය
තමන් දරපු ප්‍රතිපත්ති පාවාදෙමින් බුදු දහම වැළද ගැනීමේ ක්‍රියා පිළිවෙලක් අපි දැක්කා ඒ නිසා පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්මා තමන්ගේ ප්‍රතිපක්ති ප්රකාශනය දළදා හාමුදුරුවන්ට පිලිගන්වල තමයි රටට ඉදිරිපත් කලේ දළදා වහන්සේ කියන්නේ මේ රටේ රාජ්‍යයේ සංකේතය යටත් විජිත් යුගයට පෙර අපේ රටේ රාජ්‍ය ඉසිලුවේ දලදත්වයේ භාරකාරත්වය දරණ කෙනා තමයි රටේ පාලකයා නැත්නම් හිමිකරුවා බවට පත්වුණේ.ඒ සිද්ධාන්තය අනුව යමින් තමන්ගේ ආගම පෙරදැරි කරගෙන සෙසු ආගම වලට සංස්කෘතින වලට එ තමන්ගේ තිබෙන ලැදියාව ඊ ආකාරයෙන් පවත්වාගෙන යමින් දළදා හාමුදුරුවන් වහන්සේට තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගැන්වීම පනපොවන්න සිදු කිරීම තුලින් ඒ අයිතිහාශික සිදු කිරීම තුලින් පෙන්වා දුන්න තමන් මෙම ප්‍රතිපත්ති ප්රකාශනයේ සදහන් කරුණුවලට කොයි තරම් අවංකව ඒවා තමන් බලයට පත් වුනාට පස්සේ ශාක්ෂාත් කරනවද කියල.ඒ නිසා අපි පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දසදහසක් වූ විහාරස්ථාන දැනුවත් කරමින් ගම්නියම් ගමවල මේ වෙනකොටත් මිනිස්සු අතර ඇති කරගෙන යන සුළු කණ්ඩයම් වල මිත්‍යා මත දුරු කරමින් සත්‍ය පදනම් වූ දේශපාලනයක් මේ රට තුල ස්ථාපිත් කිරීමට කැපවීමෙන් ක්‍රියා කරන බව අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන බව උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියේය.
මේ ජනාධිපතිවරණ සටන ආරම්භයට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන මාලිමා කණ්ඩායම හැමදාම කතාකලේ 76 වසරක සාපයක් පිලිබදව අපි දන්නවා 48ටේ නිදහස ලබා ගත්තයින් පස්සේ තට්ටු මාරු ක්‍රමයට දේශපාලන පක්ෂ මේ රට පාලනය කළා ඇතැම් අවස්ථාවල රට ප්රගමනයට ගමන් කළා වගේම ඇතැම් අවස්ථාවල රටේ ආර්ථිකය සංස්කෘතිය මේ සියලුම දේවල් පහලට ගමන් කළා.එක අඩු වැඩි වධයෙන් හැම පලකයාගෙන්ම සිදුවුණා බව අපට පිළිගන්නට ඕන.වඩාත්ම හොද දේ නැත්නම් ඊට සනිපතම හොද දේ ලගට අපි එකතුවිය යුතුයි යන මතයේ අපි ඉන්නවා.මේ රටේ 76 වසරක සපයා ගැන කතා කරන මාලිමාව ඇතුළු එම කන්ධයම ඒ සැපයේ කොටස් කරුවෝ වෙච්චා හැටි අපිට මතකයි. සාපයට ප්‍රධාන වශයෙන් ජවිපෙ සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේය.
අපි ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන්න තීන්දු කරමින් දසදහසක් විහාරස්ථානවලට එතුමාගේ පණිවුඩය අරන් යන්න සූදානම් බව වැඩි දුරටත් පැවසුහ.
Lanka Newsweek © 2024