Thursday 19th of September 2024

English Tamil
Advertiesment


වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා බව රෝහිණී කියයි


2024-09-03 5990

ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ වම් අත කරන කියන දෑ දකුණු අත නොදන්නා පිළිවෙළට බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න  පැවසුවාය.ඇය මෙලෙස පැවසුවේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින් සංවිධානය කරතිබූ කොලොන්නාවේ පැවති ජන හමුවක් අමතමිනි.

ජවිපෙ මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා සෑම  කිලෝ මීටර් දෙකකට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හදන්න ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන කීයක් හදන්න ඕනි ද? දැනටමත් ලංකාවේ තිබුණ දිවා සුරැකුම් මධ්‍යස්ථාන දරුවෝ නැතිව වැසෙමින් පවතිනවා. හැම කිලෝ මීටර් තුනකට පාසලක් හදන්න නම් ලංකාවේ අලුතෙන් පාසල් කීයක් හදන්න අවශ්‍ය ද? ලංකාවේ ජනගහනය අඩු වෙමින් යනවා. මිය යන සහ විදේශගතවන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි අලුත් දරු උපත් සිදු වෙන්නේ. ජා ජ බ කියන විදියට  මේ හදන පාසල්වලට අලුතෙන් දරුවෝ හදන ව්‍යාපෘතියකුත් හදන්න වෙනවා. මේ ලැයිස්තුව හදලා තියෙන්නේ සමස්තයක් විදිහට රට ගැන කිසිම අවබෝධයක් නැතිව, රාජ්‍යකරණය ගැන කිසිම අවබෝධයක් නැති හුදෙකලා ආචාර්ය මහාචාර්ය සෙට් එකක්.

මේ කියන දේවල් කළොත් රට ආය බංකොලොත් වෙන එක වළක්වන්නට බෑ. මේ යෝජනා දෙකට විතරක් අවම වශයෙන් රුපියල් බිලියන තුනක් අලුතෙන් අවශ්‍යයි.  මේ මුදල් හොයා ගන්නේ කොතැනින් ද? කියලා අහන අහන වතාවට ඒ අය කියන්නේ ඡන්දේ දීලා බලන්න. අපි කරලා පෙන්නනම් කියලා. ඔහොම කියපු හාදයෙක් දෙදහස් දහනමයෙත් හිටියා;  ගෝඨාභය රාජපක්ෂ කියලා.  එයාගෙන් ආර්ථිකය ගැන ප්‍රශ්න අහනකොට කිව්වේ   ‘මගෙන් විතරක් නෙවෙයි, අනික් අයගෙනුත් ප්‍රශ්න අහන්නකෝ...’ කියලා. ආණ්ඩු කරන්න දක්ෂයෝ නැති තැනක සම්පූර්ණයෙන් රට බිඳෙනවා.  මතකනේ ගෝඨාභය නිසා වෙච්ච දේ? එක සැරයක් මැදමුලනේ ගෝඨාබයට රැවටුණා.  ආයෙත් සැරයක් තඹුත්තේගම දෙවන ගෝඨාභය ට රැවටෙනවා ද?

‘කපුටාස් හිට් ද ප්ලේන්’ අංක දෙක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ‘ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න කරන සාකච්ඡා’ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. භාරකාර ආණ්ඩුව මොකක්ද, ඒක කරන්න කොහොමද කියලා නොදන්න සුනිල් හඳුන්නෙත්ති තමයි එයලගේ මුදල් ඇමති. මන්ත්‍රී විජිත හේරත්ලා ගිහිල්ලා කරන සාකච්ඡා ගැන හිතන කොටත් හිනා යනවා.  ‘කපුටාස් හිට් ද ප්ලේන් දෙක’ තමයි. අනික් කතාව- මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොලී අනුපාත ආණ්ඩුව මැදිහත්වෙලා වෙනස් කරන්න කතා කරනවා.  වෙන වචනවලින් කිව්වොත් සල්ලි අච්චු ගහන්න යෝජනා කරනවා.  

මහ බැංකුව පටන් ගත්ත දවසේ ඉඳන් දෙදහස් දහනමය දක්වා සල්ලි අච්චු ගහපු ප්‍රමාණය වගේ අසූ ගුණයක් ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් අච්චු ගැහුවා.  ඒ නිසා තමයි බඩු මිල රොකට් වගේ උඩ ගියේ.  මතකනේ මාස දෙකට සන්ලයිට් කෑල්ල දෙගුණයකින් වැඩි වුණා. කිරිපිටි පැකට් එක තුන් ගණයකින් වැඩි වුණා.  ආයෙත් ඒ තැනට යන්න බෑ. 
එක සැරයක් මැදමුලනේ ගෝඨාභයට රැවටිලා පාඩමක් ඉගෙන ගත්තා. ආය සැරයක් තඹුත්තේගම දෛවන ගෝඨාභයට රැවටෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් පිරිසක් පාලකයින් බවට පත් කර ගත යුතුයි.’’ යැයි ද කවිරත්න මහත්මිය පවසුවාය.

Advertiesment