නැගෙනහිර ලොකුම හයිය තියෙන හකීම්-රිෂාඩ් දෙන්නාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එකතු වූ අතර වතුකරයේ ලොකුම බලය තියෙන දිගම්බරම් මහතාද සජිත් පෙර්මදාස මහතා දිනවීමේ සටනට එකතු විය.රටේ සියලුම දෙනා බලන් සිටියේ උතුරේ ලොකුම හයිය තියෙන දෙමළ ජාතික සන්ධානය ගන්න තීන්දුව කුමක්ද කියා දැන ගැනීමටය සුමන්තිරන් මහතාද මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.ඒ අනුව උතුරේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට හිමි වන බව නියතයි.එම නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ සිව්කොණේම සහාය ලැබෙන එකම ජාතික නායකයා වේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවේය.
සැප්තැම්බර් [01]වැනිදා වව්නියාවේ පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව උතුරු නැගෙනහිර සහ වතුකරයේ සියලුම ප්‍රබල පක්ෂවල සහාය ලැබෙන එකම නායකයා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට පත්ව තිබේ.
Lanka Newsweek © 2024