Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


අයියෝ රනිල් ..!සජිත්ට ඔය ඔච්චර බය ඇයි ..?


2024-09-01 11174

 

රනිල්ගේ පාර්ශවයෙන් බෙදන අලුත්ම තෙල

 

ආණ්ඩුවට බහුතරය අරන් දෙන්න පිටරට ඉන්න සුප්‍රකට ව්‍යාපාරිකයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමටද කතා කර ඇති අතර එයින් කිසිම ප්‍රයෝජනයක් වුයේ නැත. 

ඉන් පසුව ජනාධිපතිරනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය එක් විය යුතු බව කියමින් එම පාර්ශ්වයෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශවය ආරම්භයේ සිටම සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 25ක් පමණ ආණ්ඩුවට ගෙන සජබය දෙකට කඩා සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය අවසන් කිරීමේ මෙහෙයුමකය.

සතියකට වරක් පුවත් මවමින් සජබෙන් 30ක් එනවා, සජබෙන් 40ක් එනවා ආදී වශයෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක්ද එකල ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දියත් කර තිබිණ.නමුත් ආතක් පාතක් නැති, දේශපාලනයේ අවසන් අඩියේ සිටින දෙතුන් දෙනකු හැරෙන්නට අනාගතයක් ඇති කිසිදු අයකු ජනාධිපතිවරයා සමග සජබෙන් එක්වීමට නොගියේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ පැත්තෙන් ගෙන ගිය ප්‍රචාරය වූයේ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන සුලු පක්ෂ නායකයන් ආණ්ඩුව සමග එක් වෙන බවය.නමුත් ඔවුන්ද ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඉදිරිපත් වූයේ නැත.පසුව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට සහාය දක්වන බවට ප්‍රචාරයක් ගෙන ගියේය.

නමුත් අද දිනයේදී දෙමළ ජාතික සන්ධානයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බවට තීන්දු කළ නමුත්  මේ වනවිට විපක්ෂයේ සිටින කිසිදු සුලු ජාතික පක්ෂයක සහාය ජනාධිපතිවරයාට නොලැබීම නිසා  මේ වනවිට  අනුර ඉදිරියෙන් සිටින බවත්, එම නිසා ජනාධිපතිවරයා හා සජබය එක්ව අනුර පරාජය කළ යුතු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ගෙනයන අලුත්ම ප්‍රචාරයක් වේ.

Advertiesment