ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ළඟ බොරු ඡන්ද පොරොන්දු නැහැ. එතුමා රටට-ජනතාවට පිළි ගත හැකි අතිශය වැදගත්වැ, නිශ්චිත සහ ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. අනෙකුත් දේශපාලන පක්ෂ සහ නායකයින් සිහින මවන විට රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ල ක්‍රියාත්මක කර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති ස්කඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ළඟ බොරු ඡන්ද පොරොන්දු නැහැ. එතුමා රටට-ජනතාවට පිළි ගත හැකි අතිශය වැදගත්වැ, නිශ්චිත සහ ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. අනෙකුත් දේශපාලන පක්ෂ සහ නායකයින් සිහින මවන විට රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ල ක්‍රියාත්මක කළා.
රාජ්‍ය සේවයේ නවීකරණය කිරීමට කටයුතු කර තිබෙනවා. රටට-ජනතාවයට අවශ්‍ය වන්නේ බොරු ඡන්ද පොරොන්දු නොව පිළි ගත හැකි වැඩ පිළිවෙළක් බව කිව යුතුයි. රාජ්‍ය සේවයෙන් කවුරුත් ඉවත් කළ යුතු නැහැ..
රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප 2015 දී දස දහසකින් වැඩි කර ඒ මුදල මූලික වැටුපට එකතු කළා. 2024 ජනවාරියේ තවත් 25,000කින් වැටුප් වැඩි කරනවා. මේ කිසිවක් ඡන්ද පොරොන්දු නොව සියල්ල වැය ශීර්ෂයට එකතු කර තිබෙනනවා.
රජයේ ඵලදායිතාව වැඩි කළාම දළ දේශීය නිෂ්පාදනයේ ඉහළ යනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් අප බොරු ඡන්ද පොරොන්දු නොව පිළි ගත හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. අනෙකුත් දේශපාලන පක්ෂ සහ නායකයින් බොරු පොරොන්දු දී සිහින මවන විට රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ල ක්‍රියාත්මක කර තිබෙනවා.
රජයේ සේවකයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩ පිළිවෙළක් සැකස කර තිබෙනවා. 'VAT" බද්ද අඩු කරන්නේ කෙසේ ද..? ප්‍රතිපත්ති ප්‍රකාශන ඕනෑම අයෙකුට ඉදිරිපත් කළ හැකියි. නමුත් වැදගත් වන්නේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.
Lanka Newsweek © 2024