ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීමට සිය කැපවීම කුමක්දැයි දැනගැනීම අපේක්ෂාවෙන් දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජන කරන ආගමික හා සිවිල් සමාජයේ සාමාජිකයන් සහ ශාස්ත්රාලීය ප්‍රජාව විසින් ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කරන පත්‍රිකාව
මෙම ලේඛනය සම්පාදනය කර ඇත්තේ දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජනය කරන ආගමික හා සිවිල් සමාජ සාමාජිකයන් සහ ශාස්ත්රාලීය ප්‍රජාව විසින් මාස කිහිපයක් පුරා සිදුකරන ලද පුළුල් සාකච්ඡා සහ උපදේශනවලින් පසුවය. මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත්, එය ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදෙන බවට වන ප්‍රතිඥාව සමඟින්, එය සිය ප්‍රතිපත්ති ප්රකාශනවලට ඇතුළත් කිරීමට ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට අමතරව, දේශපාලන විසඳුමක් සඳහා ජාතික සංවාදයක ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස 'හිමාලය ප්‍රකාශය' සකස් කළ බෞද්ධ භික්ෂූන් පිරිසක් සහ දෙමළ ඩයස්පෝරාව විසින් 2023 අප්‍රේල් මාසයේදී ගත් මූලිකත්වය මත මෙම ලේඛනය ගොඩනගා ඇත.
- මෙම ප්‍රකාශය සඳහා ලබාගැනෙන සහයෝගය පුළුල් කිරීම සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සංවිධාන සහ වෙනත් උනන්දුවක් දක්වන කණ්ඩායම් ඇතුළු අනෙකුත් කණ්ඩායම් ඇතුළත් කර ගැනීම.
- ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කිරීම.
- පහත දක්වා ඇති ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදීමට අපේක්ෂකයන්ගේ ප්‍රතිඥා ලබාගැනීම.
- තේරීපත්වූ ජනාධිපතිවරයා විසින් අදාළ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බවට වගබලා ගැනීම.
යෝජිත ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග :
- කලාපවලට සමතුලිතව බලය බෙදාහැරීම සහ මධ්‍යම රජයේ (සෙනෙට් - ඉහළ සභාවේ) බලය බෙදාහැරීම සහතික කිරීම, කලාපීය ස්වයං පාලනයට ගරුකරමින් සමගිය ප්‍රවර්ධනය කිරීම.
- සුළුතර අයිතිවාසිකම් සුරැකීම : මෙය රටේ සෑම ප්‍රදේශයකම ප්‍රාදේශීය සංඛ්‍යාත්මකව සුළු වශයෙන් වාසය කරන ජාතීන්ට අදාළ වේ.
- ඉහළ මට්ටමින් වාර්ගික සහ ආගමික සහජීවනය සහතික කිරීම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක විධිමත් කිරීම සහ සීමාකිරීම.
- ඉඩම් කොමිෂන් සභාවක් හරහා ජාතික ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ 13 වැනි සංශෝධනයේ දක්වා ඇති ඉඩම් සහ පොලිස් බලතල බෙදාහැරීම ක්‍රියාත්මක කිරීම.
- සමගාමී ලැයිස්තු බලතල පැවරීම සහ විමධ්‍යගත බලතල ලැයිස්තුවට මැදිහත්වීම නැවත්වීම : ඉහළ මට්ටමේ පළාත් පාලනයක් සහ ස්වයං පාලනයක් සක්‍රීය කිරීම සඳහා සියලුම බෙදාහරින ලද සමගාමී ලැයිස්තු බලතල සමඟ පළාත් සභා බලගැන්වීම.
- ජනාධිපතිවරණයෙන් පසුව තවදුරටත් ප්‍රමාදයකින් තොරව පළාත් සභා සහ අනෙකුත් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම.
- සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව යුද්ධයට අදාළ ගැටලු නිරාකරණය කිරීම : මෙයට අතුරුදහන්වූවන්, සිරකරුවන්, වන්දි ගෙවීම සහ සංකේතාත්මක නඩු ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගවීම ඇතුළත් වේ.
- සමානාත්මතාවෙන් යුතුව හමුදා පවත්වාගෙන යෑම : හමුදා භට පිරිස් මට්ටම් සාමාන්‍යකරණය කිරීම සහ සාමාන්‍යභාවය හා ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇතිකරමින් උතුර සහ නැගෙනහිර සන්නද්ධ හමුදා භට පිරිස් අනෙකුත් ප්‍රදේශවලට සමානුපාතික වන බව සහතික කිරීම.
- පොලිස් ක්‍රියාමාර්ග ප්‍රමිතිගත කිරීම: උතුර හා නැගෙනහිර පොලිස් මෙහෙයුම් රටේ අනෙකුත් ප්‍රදේශවල මෙන් මානව හිමිකම්වලට ගරුකරමින්, එම ප්‍රදේශවලින්ම පුද්ගලයන් බඳවාගැනීම සඳහා එම ප්රමිතීන් හා ගෞරවයෙන් යුතුව සිදුකළ යුතු බවට නියෝග කිරීම.
- නිදහස ලබන විට පුරවැසිභාවය අහිමි වූ, වඩාත්ම වෙනස් කොට සැළකීමට ලක් වූ සහ දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් කොන් වූ ප්‍රජාවන් අතර රැඳීසිටින සහ බරපතල මානව හිමිකම් කඩකිරීම සඳහා වන්දි නොලැබුණු මලයහ දෙමළ ප්‍රජාවට සංක්‍රාන්ති යුක්තියේ මූලධර්ම අදාළ කිරීම.
- මලයහ දෙමළ ජනතාවට ඉඩම් සහ නිවාස ලබාදීම : ආරක්ෂාව සහ අභිමානයෙන් යුත් ජීවිත ගතකිරීමට ප්‍රමාණවත් ඉඩමක් සහිත නිවාසවල අයිතිය ලබාදීම.
- ආගමික උරුමයන් ආරක්ෂා කිරීම : සංස්කෘතික හා ආගමික විවිධත්වය ආරක්ෂා කරමින්, වෙනත් ආගම් අදහන පිරිස් විසින් ආක්‍රමණයෙන් සහ අත්පත් කර ගැනීමෙන් ආගමික ස්ථාන ආරක්ෂා කිරීම. ආගමික ප්රජාවන්ගේ සහ ප්‍රාදේශීය ආගමික සම්ප්රදායන්ගේ බහුත්වවාදයට සහ විවිධත්වයට ගරුකිරීම.
- ජනතාවට ඉඩම් නැවත ලබාදීම : මහජනතාවට ප්‍රවේශය ලබාදීම සඳහා මාර්ග විවෘත කිරීම ඇතුළු යුද්ධයේදී ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් ආපසු ලබාදීම.
- භාෂා සමානාත්මතාව බලාත්මක කිරීම : සියලුම ප්‍රජාවන් සඳහා භාෂාමය අයිතිවාසිකම් සහතික කරමින් රාජ්‍ය භාෂා නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.
- කුලය අනුව වෙනස්කොට සැලකීම අවසන් කිරීම : සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය සහතික කරමින් රට පුරා කුලය මත පදනම් වූ වෙනස්කම් තුරන්කිරීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරීම.
- රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා වැඩිදියුණු කිරීම : රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සුළුතර වාර්ගිකයන්ට සහ සුළුතර ආගමිකයන්ට සමාන රැකියා අවස්ථා ලබාදීම, සියලු වෙනස්කම් කිරීම් අවසන් කිරීම සහ ආර්ථික සමානාත්මතාව සක්‍රීය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග සම්පාදනය.
- ආර්ථික යහපැවැත්ම වෙනුවෙන් රාජ්‍ය පහසුකම් සඳහා සමාන ප්‍රවේශයක් ලබාදීම : ආර්ථික වර්ධනය සහ ව්‍යවසායකත්වය උත්තේජනය කරමින් අනෙකුත් කලාප හා සමගාමීව උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල ව්‍යාපාර ආරම්භ කිරීමට මුල්‍ය පහසුකම් ලබාදීම.
- මලයහ දෙමළ ජනතාව : උතුර, නැගෙනහිර අවතැන් වූ සහ ජීවත්වන මලයහ දෙමළ ජනතාවට රජයේ සේවා හා ආධාර සඳහා ඉඩම් අයිතිය සහ අනෙකුත් හිමිකම් කිසිදු භේදයකින් තොරව ලබාදීමට වගබලා ගත යුතුය.
- අධිකරණය ශක්තිමත් කිරීම සහ නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම තුළින් වගවීම සහතික කිරීම : සෑම තරාතිරමකම දූෂණය අවසන් කර සෑම තරාතිරමකම විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම.
- රාජ්‍යය සහ ජනතාව අතර මෙන්ම දේශපාලන පක්ෂ සහ වාර්ගික හා ආගමික ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීමේ ආයතන නිර්මාණය කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම.
- ආර්ථික හා සමාජීය වශයෙන් කොන්වූවන් ආරක්ෂා කරමින් තිරසාර සංවර්ධනය.
- අමාත්‍යාංශවල ස්ථීර ලේකම්වරුන් යළි ස්ථාපිත කිරීම හරහා ස්වාධීන ආයතන ඇතිකිරීම සහ රාජ්‍ය නිලධාරීන්ට සිය සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මණය කිරීම.
- මානව හිමිකම් සම්මුතීන් සහ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ යෝජනා සම්බන්ධයෙන් පවතින අන්තර්ජාතික බැඳීම් ඉටුකිරීම.
- වටිනාකම් සහ ජාතික අවශ්‍යතා පිළිබිඹු කරන සහ ශ්‍රී ලංකාවේ නොබැඳි උරුමය ආරක්ෂා කරන සමබර විදේශ ප්‍රතිපත්තිය.
පහත පිරිස විසින් මෙම ලියැවිල්ල අනුමත කරන ලදී;
පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි මහානායක හිමි
පූජ්‍ය කළුපහණ පියරතන හිමි
සී.ජී. ජෙයකුමර් පියතුමා
රදගුරු ආසිරි පෙරේරා
ආචාර්ය වින්යා ආරියරත්න
මහාචාර්ය ෆසීහා අස්මි
එස්.සී.සී. ඉලන්කෝවන් මයා
මහාචාර්ය ටී. ජයසිංහම්
ආචාර්ය එස්. ජීවසුතන්
වී. කමලාදාස් මයා
නිරංජන් මයා
ආචාර්ය දයානි පනාගොඩ
ආචාර්ය ජෙහාන් පෙරේරා
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා
මහාචාර්ය එස්. එස්. සිවකුමාර්
ආචාර්ය ෂන්මුගරාජා ශ්‍රීකාන්තන්
ආචාර්ය ජෝ විලියම්
ජාවිඩ් යූසුෆ්පූජ්ය
Lanka Newsweek © 2024