ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේමාතර, වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක හේමාල් ගුණසේකර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ කෙරෙහි පැහැදී ඔහු සමග එකට එකතු විය.
හිටපු ඇමැතිවරයෙකු සහ ආණ්ඩුකාරවරයෙකු වන හේමාල් ගුණසේකර මහතා සමුපකාර සහ වෙළෙඳ නියෝජ්‍ය ඇමැති වගේම නිවාස සහ සමෘද්ධි රාජ්‍ය ඇමැති සේම දකුණු පළාත් ආණ්ඩුකාර යන තනතුරු රැසක් හෙබ වූ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයකි.
ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කරන අතර ඒ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයට ශක්තියක් ලබාදීමටත් කටයුතු කරන බව හේමාල් ගුණසේකර මහතා කියා සිටී.
Lanka Newsweek © 2024