Sunday 13th of October 2024

English Tamil
Advertiesment


කුස්සියේ භීතිකාව යළි ඇති නොවේවා..!


2024-08-31 4625

 

 

ප්‍රවීන රංගන ශිලිපිණි ශෂිකලා හෙට්ට්ආරච්චි අවධාරණය කරයි 


 

"Undieted Youth" ඉල්ලීමක් 

 

 

 

රටේ ආර්ථිකය කඩන් වැටෙන විට, බඩු මිල ඉහල යන විට ඒක ඉස්සෙල්ලා ම තේරෙන්නේ කුස්සියේ ඉන්න කාන්තා අපිටයි. කාන්තාවන් වශයෙන් අපි ඔක්කොටම ඒ අමිහිරි අත්දැකීම තියෙනවා. පසුගිය කාලයේ අපට ජීවත් වෙන්න සිද්ධ වුනේ කොහොමද? ඒදා වේල කන්නේ කොහොමද? කියන මානසික තත්වයකින් අමාරුවෙන් ජීවත් වෙන්නයි සිද්ධ වුනේ. ළමයින්ට කන්න ටිකක් හදලා දෙන්නේ කොහොමද? උදේට කෑවට පස්සේ කල්පනා කරනවා දවල්ට කන්නේ කොහොමද? දවල්ට කොහොම හරි මොනවා හරි කෑවොත් ඊලගට කල්පනා කරනවා රෑට කන්නේ කොහොමද කියලා. ඔන්න ඔහොම තමයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපට ජීවත් වෙන්න උනේ. ප්‍රවීන රංගන ශිලිපිණි  ශෂිකලා හෙට්ට්ආරච්චි මහත්මිය කියා සිටියාය.

එහෙනම් අපේ යුතුකමක් තියෙනවා කුස්සියේ භීතිකාව යලි ඇති නොවෙන්න, මේ නිවැරදි  ක්‍රමය ඉදිරියට ගෙන යන්නට ගරු ජනාධිපතිතුමාට සහාය ලබලා දෙන්න. යුනයිටඩ් යූත් කාන්තා අංශයේ ප්‍රධානි ප්‍රවීණ රංගන ශිල්පිනි ශෂිකලා හෙට්ටිආරච්චි මහත්මිය එම අදහස් ප්‍රකාශ කළේ පසුගිය ඉරිදා සමන්තුරේ පැවති යුනයිටඩ් යූත් කාන්තා සම්මේලනයක් ආමන්ත්‍රණය කරමිනි.

 තවද වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ කාන්තා අපි තමයි ගෙදර ආර්ථිකය නැත්තම් කුස්සිය හසුරුවන්නේ. පසුගිය කාලයේ ගෑස් ටික නැතුව කන්න බොන්න උයාගන්න දෙයක් නැතුව අපි වින්ද දුක මතක් වෙන කොට, අපිට නැවත වරක් ඒ යුගය ගැන සිහිවෙනකොට, හිතට ඇතිවෙන්නේ මහත් භයක්. මෙම පළාතට වඩා ගෑස් නැති ප්‍රශ්නයෙන් වැඩියෙන්ම බැට කෑවේ කොළඹ ඉන්න කාන්තාවෝ. විශේෂයෙන්ම මහල් නිවාසවල කාන්තාවෝ අන්ත අසරණ වුනා.

සල්ලි තිබුනත් කඩයකින් වත් බත් පාර්සලයක් ගන්න විදියක් නැහැ. ගෑස් නැතුව හෝටල් පවා වහලා තිබුණේ. එදා අපි ගෑස් ටිකක් ගන්න දවස් ගණනක් පෝලිමේ හිටියා. ගෙදර උයන්න විදියක් නෑ. පුදුම දුෂ්කර කාලයක් අපි ගත කළේ. එවැනි තත්ත්වයක් නැවත උදා නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. අපි ඇත්තටම ජීවත් වුනේ අපායක. එම අපායෙන් ඇත්තටම අපව මුදවා ගත්තේ  අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එවන් තත්ත්වයක් යළි උදා වුනොත් අපට මොනවා වෙයිද කියලා හිතන කොටත් භයක් දැනෙනවා.  එවන් තත්ත්වයක් නැවත උදා නො වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනෙ. 

මේ අවස්ථාවට යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ රංගන ශිල්පි අර්ජුන කමලනාත්, මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් පෙරේරා, භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා සහ සමන්තුරේ සන්විධායක ලොයිඩ් මහතා ඇතුඵ පිරිසක් සහභාගි වූහ

 

 

 


 

Advertiesment