Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


වැස්සට වඳුරෝ ගෙවල් හදනවා වගේ, ජවිපෙ ඡන්දයක් ආවාම පොරොන්දු කොළයක් අච්චු ගහලා  


2024-08-30 19211

ජනතා විමුක්ති පෙරමුණේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් මැතිවරණ ප්‍රකාශනයයි, 2019 රට බංකොලොත් කරනන්නට ජනවරම ඉල්ලපු ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යෙය් දැක්ම‘ යි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පැවසුවාය. 

මාතලේ නාඋල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ ‘‘ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් සහ ආර්ථිකයේ විවිධ කේෂ්ත්‍ර ආවරණය කරමින් ජවිපෙ මැතිවරණ ප්‍රකාශනය ලියලා තියෙනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙවෙයි. තනිකරම, ඡන්දයට පික්පොකට් ගහන්න හදපු ඡන්ද පොරොන්දු පත්‍රයක්.  එකේ නිශ්චිත පරිදි ජාතික ප්‍රතිපත්තියක් වෙත යොමුවන ප්‍ර වේශයක් හෝ ක්‍රියාමාර්ග මොනවත්ම නෑ.

රටට වැදගත්ම කේෂ්ත්‍ර තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාවය.  ඒ කිසිවකට නිශ්චිත කාලරාමුවක් තුල ගොඩනැංවෙන, සංඛ්‍යාත්මක හෝ ප්‍රායෝගික ඉලක්ක සහිත නිශ්චිත උපායමාර්ගිය ප්‍රවේශයක් ඇත්තේම නෑ.

උදාහරණයක් ලෙස අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක ප්‍රමාණයක් ක්‍රමිකව වැඩි කරන බව කියනවා.  අය වැය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට තේරෙනවා මෙවැනි දේකට වැඩපිළිවෙලක්, ප්‍රවේශය හෝ ඉලක්කයක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා.  

ප්‍රතිපත්ති ප්‍රකාශයන් නම් අඩුම ගානේ ජනාධිතිවරණය දිනලා අවුරුද්දකින් කරන වැඩක් තියෙන්න ඕනි.  2025 කරන එකම වැඩක් වත් දින වකවානු සහිතව මේකේ නෑ.  ආදායම් උත්පාදනය කරන ක්‍රම ගැන සඳහනක් තියෙන්න ඕනි.  මේක නිකං සුරංගනා කතාවක් වගේ.  මේක හොඳයි රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී  2024 හොඳම ප්‍රබන්ධ කතාවට සම්මාන දෙන්න.

අපි කැමතිවුනන් නැතත් මේ රටේ ආර්ථිකය දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක ගැටගැහිලා තියෙන්නේ.  ඒයට පරිබාහිරව ඉදිරිපත් කරන වැඩපිළිවෙලකට ගිහින් ආය තෙල් ටික, ගෑස් ටික නැතිවෙනවා. ජවිපෙට ආර්ථික ප්‍රතිපත්තියක් නෑ කියලා මේ ලියවිල්ල කියවපු ඕනෑම කෙනෙකුට තේරෙනවා.

අද බලන්න මාලදිවයිනට වෙලා තියෙන දේ.  ලෝකයේ හුලං හමන අතට විරුද්ධව ගිහින් දැන් තෙල් ටික ගන්න ඩොලර් නැතුව බංකොලොත් වෙන්න යනවා.  බංගලිදේශය අවුරුදු දෙකකට ඉස්සර ලංකාවටත් ණය දුන්නා. අද ඒ රට සම්පූර්ණයෙන්ම අරාජික වෙලා. පාකිස්ථානය බිඳ වැටිලා.  මාලදිවයින් බංකොලොත් වෙමින් තියෙන්නේ මේ වගේම සුරංගනා කතාවකට රැවටිලා. අද බංගලි දේශයේ ඉස්කෝල පාලනය කරන්නේ සාමාන්‍ය පෙළ වත් ලියලා නැති ළමයි. මේ නඩයට බලය ලැබුණොත් වෙන්නේ ඒ ටිකම තමයි.  

අවුරුදු දෙකට ඉස්සර මේ කල්ලියට දවසක පැය 5 කට රටේ බලය ලැබුණා. රටම අරාජික වුණා. මේ පාරේ ගියොත් මාස හයක් නෙවෙයි, ඡන්දය දවසට පහුවදාම රට අරාජික වෙනවා.  

කවදාකවත් ඉටු කරන්න බැරි, ඉටු කරන්න බැරි පොරොන්දු තොගයක් ‘ක්‍රියාමාර්ග‘‘ කියලා ලේබලයක් ගහලා දාලා තියෙනවා.  මේ මැතිවරණ ප්‍රකාශනය ජවිපෙ දිගු කාලීන ප්‍රතිපත්ති ඔළුවෙන් හිටවලා තියෙනවා.  එදා අපේ කඳවුරට උසුලු විසුළු කළ ප්‍රතිපත්ති අද ‘ක්‍රියාමාර්ග කියලා‘ පොරොන්දු විදිහට දාලා තියෙනවා.  ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා 1982 කියපු කරපු දේවල් හරි කියලා අද ජවිපෙ ට වැටහිලා තියෙනවා. 2004 යළි පුබුදම ශ්‍රී ලංකා වැඩසටහනේ සැලසුම් ගෙඩිය පිටින් මේකේ තියෙනවා.  2015 යහපාලන ආණ්ඩුව විසින් පටන්ගත්ත වැඩ ගෙඩිය පිටින්ම මේකේ තියෙනවා.

සජිත් ප්‍රේමදාස සහ කණ්ඩායමේ ප්‍රතිපත්ති හරි කියලා ජවිපෙට වැටහෙන්නේ මෙවර ඡන්දෙන් පැරදුනාට පස්සේ තමයි.

නිශ්චිත ප්‍රවේශයක්, වැඩපිළිවෙලක් නැතුව එහෙන් මෙහෙන් අහුලාගත් පොරොන්දු මල්ලකින් රටක් ගෙනියන්න බෑ.  කාලෙකට ඉස්සර ජවිපෙම වෛරය පතුරවමින් පට්ටගහපු දේවල් අද ඔවුන් පිළිඅරගෙන තියෙනවා. 

වැහි කාලයට වදුරෝ ගස්උඩ ගෙවල් හදනවා වගේ, ඡන්දයක් ආවාම ඡන්ද පොරොන්දු ටිකක් අච්චු ගහලා බෙදනවා. මේ පොරොන්දුවලට රටක් දිනවන්න බෑ.

2025 මේ රටේ ක්‍රියාත්මක විය යුතු යුතු අය වැයේ කේන්ද්‍රය වන්නේ ‘ණය තිරසරකරණය යි.  ඒක ගැන ජවිපෙ පොරොන්දු පොතේ කිසිම එකඟතාවයක් නෑ.  මේ කියන බහුබූත කලොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවෙක් අකුලගෙන යනවා. දෙසැම්බර් මාසයට නියමිත ණය වාරිකය නැති කරගෙන මාර්තු වෙනකොට රටටම ආය තෙල් පෝලීමේ ඉන්න පුළුවන්.

අපිට තෝරා ගන්නට තියෙන්නේ ආය සැරයක් පෝලිම් යුගයට යනවා ද? නැතිනම් කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට රට බාර දෙනවාද කියන එකයි.

 මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය. 

Advertiesment