ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන්ට වගකීම් භාරදීමට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව, කොළඹ රැඳී නොසිට තම තමන්ගේ ආසනවල ගොස් ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
තවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, සභාපති වජිර අබේවර්ධන මහතාට ගාල්ල දිස්ත්‍රික්කයේ ද, ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල ද, උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාටට කුරුණෑගල දිස්ත්‍රික්කය ද, ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතට කොළඹ දිස්ත්‍රික්කයේ සහ උතුර පළාත ද, භාණ්ඩාගාරික ෆිරෝ ෆාරුක් මහතාට කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු භාර දී ඇති අතර, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් සහ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරා යන නහත්වරුන් "සිරිකොත" පක්ෂ මූලස්ථානයේ රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්කවල සම්බන්ධීකරණ කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
Lanka Newsweek © 2024