තමා විසින් යහපත් ක්‍රියාවක් සිදුකිරීමෙන් රැස් කර ගන්නා වූ පින තවත් කෙනකුට අයිති කිරීම, පින් අනුමෝදන් කිරීම යනුවෙන් හඳුන්වයි. එය ප්‍රාප්ති දාන පින්කම ලෙස ද ව්‍යවහාර කෙරේ. අතින් අත ගෙන යම් ද්‍රව්‍යයක් දීමෙන් පින් ලැබෙනවා සේ ම, සිතකින් සිතකට තරංග මඟින් සිදුකෙරෙන පින් දීමෙන් ද පිනක් අත්වන්නේ ය.
මෙය සිතින් සිතා වචනයෙන් කීමෙන් සිදුකෙරෙන ක්‍රියාවකි. මා සිදු කරගත් පින අසවලාට අනුමෝදන් වේවා’යි කිව යුතු ය. එසේම එම පින් ලබන අයගේ නම් කියා අනුමෝදන් කිරීම වඩාත් උචිත වන්නේ ය.
මෙසේ පින් අනුමෝදන් කිරීමේ දී පින් බලාපොරොත්තුව සිටින සත්වයින් සතුටින් ඒවා ලබා ගනී. උදාහරණයක් ලෙස කිවහොත් කුසගින්නේ සිටින කෙනකුට ආහාරයක් ලැබීමෙන් සතුටු වන්නා සේ ය. ගිනි අව්වේ පිළිස්සෙන කෙනකුට සෙවණක් ලැබුණා සේ ය.
නිතර දෙවේලේ පින් අනුමෝදන් කිරීම සිදු කළත් අප රැස් කර ගත්තා වූ පිනෙන් අල්ප මාත්‍රයකුදු අඩු නොවන්නේ ය. ලොවෙහි ඇති අනිකුත් සියලු දෙයක් ම, ඇඟිලි දෙකට අල්ලා යමක් දීමෙන් හෝ එක්තරා ප්‍රමාණයක් අඩු වන්නේ ය. එසේ කලක් නොකඩවා දීමෙන් සම්පූර්ණයෙන් ම වුව ද අඩුවිය හැකි ය. පින් දීමෙන් ඊට ප්‍රතිවිරුද්ධ දෙය ම වන්නේ ය. එනම් පින් තවත් කෙනෙකුට දෙන විට ලබන පුද්ගලයාට පින් ලැබෙනවා වගේ ම දෙන පුද්ගලයාට ද පින් දෙන වාරයක් පාසා පින් වැඩි වන්නේ ය. කල්පනා කර බලන විට මේ මහා පුදුම දෙයකි. එක් පහනකින් පහන් දාහක් පත්තු කළත් පළමු පහනේ ආලෝකය අඩු නොවන්නා සේ ම සෙසු පහන් එම අවට තැබීමෙන් තව තවත් ආලෝකය වැඩි වන්නා මෙනි.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමී යන බුද්ධ වචනය අනුව කර්මයක් සිදුවන්නේ නියම ලෙස සම්පූර්ණ වීමෙනි. එසේ සම්පූර්ණ වූ චේතනාවන් පහළ වන හැම මොහොතක ම කර්ම රැස් කෙරෙයි. ඒ අනුව අසවලාට පින් අනුමෝදන් කරමි... යන සිත පහළවීම පුණ්‍ය චේතනාවකි.
එසේ පහළවන හැම විට ම තමාට එකතු වන්නේ පින් සිතුවිලි ය. ඒවා මානසික ව සිදුකෙරෙන පින් ලෙස පසුව සැප විපාක සඳහා හේතු වන්නේ ය. මේ අනුව පින්දීම සෙසු දන්දීමක් හා සමාන වන්නේ ය. එහෙත් වෙනත් පරිත්‍යාගයන්ට වඩා පහසුවෙන් කළ හැකි මහා පින්කමකි. වෙනත් පින්කම්වලට මෙන් මහන්සි විය යුතු නැත. වියදම් දැරිය යුතු නැත. නිදිමැරිය යුතු නැත.
බොහෝ දෙනා රැස් කර ගත යුතු නැත. ඒ අනුව පින්දීමේ පින්කම ඉතා පහසුවෙන් සිදු කළ හැකි
අප බොහෝ විට පින්දීම සිදුකරන්නේ මිය ගිය අයට ය. එය බුද්ධ කාලයේ සිට ම අද දක්වා පැවත එන්නකි. පින් අනුමෝදන් වී සුවපත් වූ මියගිය ඥාතීන් පිරිසක් පිළිබඳ බුද්ධ කාලයේ සිදුවූ පුවතක් දැක්වීම මෙහි සුදුසු යැයි සිතමි.
බුදුරජාණන් වහන්සේ පළමුවරට රජගහ නුවරට වැඩම කළ අවස්ථාවේ දී මගධාධීපති මහරජතුමා තමාගේ වේළුවන නම් උයන ආරාමයක් සේ සියලු අංගනයන්ගෙන් සම්පූර්ණ කොට වේළුවනාරාමය යන නමින් බුදුරදුන් ප්‍රධාන මහා සංඝයාට පූජා කරමින් මහා පින්කමක් කළේ ය.
. අප බොහෝ විට පින්දීම සිදුකරන්නේ මිය ගිය අයට ය. එය බුද්ධ කාලයේ සිට ම අද දක්වා පැවත එන්නකි. පින් අනුමෝදන් වී සුවපත් වූ මියගිය ඥාතීන් පිරිසක් පිළිබඳ බුද්ධ කාලයේ සිදුවූ පුවතක් දැක්වීම මෙහි සුදුසු යැයි සිතමි.
බුදුරජාණන් වහන්සේ පළමුවරට රජගහ නුවරට වැඩම කළ අවස්ථාවේ දී මගධාධීපති මහරජතුමා තමාගේ වේළුවන නම් උයන ආරාමයක් සේ සියලු අංගනයන්ගෙන් සම්පූර්ණ කොට වේළුවනාරාමය යන නමින් බුදුරදුන් ප්‍රධාන මහා සංඝයාට පූජා කරමින් මහා පින්කමක් කළේ ය.
මේ පින්කම අවසන් කළ රජතුමා බොහෝ සන්තෝසෙන් එදින නින්දට ගියේ ය. එහෙත් නින්දට බාධා කරමින් මහා හඬින් හඬා වැළපෙන ප්‍රේත පිරිසක් දක්නට ලැබිණ. පසුදා රජතුමා මේ සිහිනය ගැන බුදුරජාණන් වහන්සේට කියා සිටියේ ය. බුදුරජුන් ප්‍රකාශ කළේ කල්ප ගණනක් සිට රජතුමාගෙන් පින් බලාපොරොත්තුව පැමිණෙන ඥාති ප්‍රේත පිරිසක් එසේ පෙනී සිටි බවයි. එම නිසා ඔවුන්ට පින් අනුමෝදන් කළ යුතු බව දේශනා කළහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙවතාවක් ම ඥාති ප්‍රේතයින්ට පින් අනුමෝදන් කළ බවත්, ඉන්පසු ඔවුන් සුවපත් වු බවත් එහි සඳහන් වේ.
මිය ගිය ඥාතීන්ට පින්දීමේ ක්‍රමය අද දක්වා අපේ බෞද්ධයන් අතර ඉතා හොඳීන් පවතී. ඇතැම් අවස්ථාවල බෞද්ධ නොවන අය ද මෙම පිළිවෙත් අනුගමනය කොට ප්‍රතිඵල ලබා ගත් බව අප අසා ඇත.
අප සමාජයේ ඇතැම් අය මෙම පින්දීම ගැන එතරම් පිළිගැනීමක් නොදක්වති. එබදු අය අපහසුවට පත්වූ අවස්ථා ද නැත්තේ නොවේ. මම සියැසින් දුටු එබදු අවස්ථාවක් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. අප ගම් පළාතේ ආගම ධර්මය පිළිබඳ එතරම් තැකීමක් නොකළ එක්තරා නිවසක් විය. එම නිවසේ මව්පියන් විශේෂයෙන් ආගම ධර්මය ගැන විශ්වාසයක් නොතබා කටයුතු කර ගෙන යන පිරිසකි. එහෙත් එම පියාගේ මෑණියන් තරමක් බුදුදහමට අනුකූල ව ක්‍රියා කරන්නියකි. කල්යෑමෙන් පසු ඇය මිය ගියා ය.
පුතා තම මෑණියන්ගේ අවමංගල කටයුතු අවසන් කළත් මියගිය තම මවට පින් අනුමෝදන් කිරීමක් නොකළේ ය. වසර කිහිපයක් මෙසේ ගත විය. දරුවන් කීප දෙනකු සමඟ දෙමාපියන් පවුලේ වැඩ කටයුතුවල නිරත වෙමින් කල්ගත විය. අවුරුදු විසිපහක් පමණ වූ එම පවුලේ එක් පුතකුට අමුතුම විදියේ රෝගයක් වැළඳිනි. එය උමතු රෝගයකි. මීට වසර කිහිපයකට පෙර මියගිය මිත්තනියගේ සියලු ඉරියව් අනුගමනය කරමින් හැසිරීම මෙම රෝගියාගේ ස්වභාවය යි. තම පියාට පුතා කියමින් නොයෙක් විට දෝෂාරෝපණය කරයි. පවුලේ සියලු දෙනාට ම මියගිය මිත්තණිය කථාකරන විලාශයෙන් නෑකම් කියමින් අඩදබර කර ගනිමින් මේ තරුණයා හැසිරෙන ආකාරය මුළු පවුලට ම මහත් බරක් මෙන් ම කනස්සල්ලක් ඇති කරන්නක් ද විය. එම තරුණයාගේ පියා විසින් විවිධාකාරයේ යකඳුරන් ගෙන්වා නොයෙක් අවස්ථාවල බලි තොවිල් ආදිය කරමින් මන්ත්‍ර ගුරුකම් මඟින් මෙම රෝගියා සුවපත් කිරීමට වෙහෙස ගෙන ඇත. එහෙත් ඒ කිසිවකින් නම් සුවයක් නොලැබීය.
මෙම රෝගී තරුණයා නොයෙක් වර තම පියාට පුතා යනුවෙන් අමතමින් උඹලා මට පින් දුන්නේ නැහැ නේදැයි අහපු අවස්ථා ද තිබුණි. එහෙත් ආගමික හැඟීමක් නැති එම පියා එය නොසලකා හැර ඇත. මෙසේ කල්ගත වන විට කවුරු හෝ කෙනෙක් සිහිපත් කර දීමෙන් පසු හාමුදුරුවරු කීප නමක් වැඩමවා දන් පිළිගන්වා මියගිය තම මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට ගෙදර ප්‍රධානියා වු රෝගී තරුණයාගේ පියා සෙසු අයට ඉඩ ලබා දුනි. අප විහාරස්ථානයට තරමක් අසල ගමක නිවසක් බැවින් එම දානය සඳහා මට ද වැඩමවන්නට අවස්ථාව ලැබුණි. එහි ගිය මට ඉහත කී සිද්ධිය සියැසින් දැකගන්නට ලැබුණි.
සුපුරුදු පරිදි දානය පිළිගැන්වීමේ කටයුතු සිදුවිය. ඒ හැම අවස්ථාවක ම ඉහත කී රෝගී තරුණයා උමතු වූ විලාසයෙන් සියලු කටයුතු දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය. දානය පිළිගැන්වීමෙන් පසු දානානිසංස දේශනා කොට මියගිය මිත්තනියට පින් අනුමෝදන් කිරීම පැන් වැඩීමත් සමඟ සිදුවිය.
ඒ මොහොතේ ම එතැන වාඩි වී සිටි ඉහත කී රෝගී තරුණයා සිහිසුන් ව ඇද වැටුණි. මඳ වේලාවකින් සිහිය ලැබු ඔහු බොහෝ යහපත් සිහිකල්පනාවෙන් කටයුතු කරන්නට විය. රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් තුරන් විය. එහෙත් මහා සංඝරත්නය දන් වළඳා අවසන් වෙනවාත් සමඟ ම යළි රෝගී තත්ත්වය මතුවී ආයේ ය. එවිට ඔහු ප්‍රකාශ කළේ පිරිත් ටිකක් අහන්න ඕනෑ බවයි. එවිට මහා සංඝරත්නය පිරිත් දේශනා කොට පිරිත් පැන් දී පෙර පරිදි ම නම කියා පින් අනුමෝදන් කළහ. පෙර පරිදි ම සිහිසුන් ව රෝගියා ඇද වැටුණි. මද වෙලාවකින් යළිත් සිහි ආවේ ය.
රෝගී කාලසීමාව තුළ ඔහු කළ කී කිසිවක් ඔහුට මතක නැත. එතැන් සිට රෝගය සුව වූ ඔහු යහපත් සිහියෙන් යුතු ව යහපත් ජීවන රටාවක් කරගෙන යන තරුණයෙක් බවට පත්විය.
එතැන් සිට යළි කවදාවත් එම රෝගය ඔහුට නොවැළඳිනි. මෙම වත්මන් කථා පුවතින් අපට පැහැදිලි වන්නේ මිය යන අපගේ ඇතැම් ඥාතීන් පින් බලාපොරොත්තුව අවුරුදු ගණනක් වුව ද බලා සිටින්නට පුළුවන් බවයි. එසේත් පින් නොදුන් විට, පවුලේ ළඟම ඥාති කෙනකුට ආරූඪ වී පින් ලබා ගෙන දුකින් මිදීමට උත්සාහ ගන්නා බව පැහැදිලි කරුණකි. එසේ ප්‍රබල නොවන ප්‍රේත ආත්ම ලැබු අය කල්ප ගණන් දුක් විඳිති.
මෙහිදී පැහැදිලි කළ යුතු කරුණක් වන්නේ මිය යන සියලු දෙනා ම ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තුව බලා ගෙන සිටින බවක් නොවේ. එසේ සිටින්නේ ඇතැම් අයෙක් පමණි.
එහෙත් මිය යන කවරෙක් පින් බලාපොරොත්තු වන්නේ ද යන්න නොදන්නා නිසා මියගිය සියලු දෙනාට ම පින් අනුමෝදන් කිරීම ඉතා වැදගත් පින්කමක් බව බෞද්ධයෝ පිළිගනිති.
පින්දීම මියගිය ඥාතීන්ට පමණක් සිදුකරන පින්කමක් නොවේ. දෙවියන්ට ද පින්දීම අපේ බෞද්ධ හැමගේ ම සිරිතකි. ඒ වරදක් නොවේ. පින් අනුමෝදන් වන දෙවියන් නොයෙක් අවස්ථාවල මිනිස්සුන්ට උපකාර කරන පිරිසකි. එබඳු උපකාර කළ අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ.
බෝසතාණන් වහන්සේ තමන් වළඳා ඉතිරි වූ බත් ටික ගඟේ මාළුන්ට දන් දී ගංගා දේවතාවන්ට පින් දුන් බවත් එයට සතුටු වූ දේවතාවා බෝසතාණන් වහන්සේගේ වැටුන මුදල් පෙට්ටිය ගැනීමට උපකාර කළ බවත් මච්චුද්දාන ජාතක කතාවේ දක්වා තිබේ.
එසේ ම දෙවියන්ට පමණක් නොව පින් අනුමෝදන් වීමට කැමති ඕනෑම සත්වයෙක් මේ පින් ලබා ගනිත්වා'යි සියලු සත්වයන්ට ම පින්දීම සත්පුරුෂ ක්‍රියාවකි. එවිට පින් කැමති වුවෝ සිටිත් නම් පින් අනුමෝදන් වෙති. එසේ නොසිටී නම්, තමන්ට එයින් හානියක් නොවේ. තමාගේ පින තවත් වැඩි දියුණු වේ. ජීවතුන් අතර සිටින අයට පින්දීම කළ හැකි ය. අපේ පැරැන්නෝ එය මනාව ඉටු කළහ.
සිරිපාද වන්දනා ගමන වැනි දුර බැහැර වන්දනා ගමන් ගොස් පැමිණි විට, අවට අසල්වාසීහු රැස්වී වන්දනාකරුවන්ට සංග්‍රහ කරති. තමන් වැඳ පුදා ගත් ස්ථාන පිළිබඳ විස්තර කියමින් තමා සිදු කර ගත් පිනක් සේ සිතා අනුමෝදන් වන ලෙස එම වන්දනාකරුවෝ පුණ්‍යානුමෝදනාව කරති. අසා සිටින සියලු දෙනා ම සාධු කියා අනුමෝදන් වෙති. මෙසේ අප විසින් සිදු කළ පින්කම් ගැන කියා ඒ ගැන ආශාවෙන් පින් අනුමෝදන් වන ඕනෑම කෙනකුට පින් පැවරිය හැකි ය. පිරිසිදු සිතින් ඒ පින්දීම කරන විට එබඳුම පිරිසිදු සිත් ඇත්තන්ට අනුමෝදන් විය හැකි ය.
අද අපේ සමාජයේ සිරිතක් ව පවතින්නේ පිරිසුදු සිතින් පින්කම් කළ කෙනෙක් ගැන අසා සතුටු වෙමින් ඔහු දෙන පින් අනුමෝදන් වීමක් නොව, ඊට ඉරිසියා කිරීමකි. එසේ නැතහොත් ඊට වඩා ලොකු පින්කමක් තමා යොදා ගැනීමයි. එය යහපත් ක්‍රියාවක් නොවේ. එසේ එකට එක පින්කම් කිරීම පින් නොලැබෙන ක්‍රියාවක් බවට ද පත්විය හැකි ය.
පින්දීම පිළිබඳ ලෝවැඩ සඟරාව නම් කාව්‍ය ධර්ම ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.
පොළියට රන් දෙන්නාවුන් විසින් දුන්නා වූ රන් යළි තමාට ලැබෙන්නේ දෙගුණ තෙගුණ වීමෙනි. එසේම තමා කළ පින් අනුන්ට දීමෙන් ඒවා දෙගුණ තෙගුණ වීමෙන් තමා කරා පැමිණෙන්නේ ය යනු එහි අදහසයි.
තමා කළ පින් සතුටු සිතින් අනුන්ට දීම දෙව්ලොව සයට නැඟීමට බැඳී හිනිමගක් බඳු ය. එය රන් හිණිමඟකි. අපායට පැමිණීමේ ග්‍රීෂ්මය නමැති බිය නැති කිරීමට පැමිණි පුන්සඳක් හා සමාන ය. එම නිසා දුටු දුටු දනන් හට නිරන්තරයෙන් ම පින්දීම සිදුකරව් යනුවෙන් එම කවියෙන් පැහැදිලි කරයි.
Lanka Newsweek © 2024