බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත මෙවර 2024 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංශෝධිත තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබේ.
ඒ අනුව, තරගාවලිය ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය. සංශෝධිත තරග කාලසටහන අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන පළමු තරගය පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග තරගාවලිය ආරම්භක දිනය වන ඔක්තෝම්බර් මස 03 වැනිදා සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්දියාව සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරගය ඔක්තෝබර් 06 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා තරග 23ක් ඇතුළත්ව තිබෙන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
03 වැනිදා
බංගලාදේශය සහ ස්කොට්ලන්තය -පාකිස්තානය සහ ශ්‍රී ලංකාව
04 වැනිදා
දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් – ඉන්දියාව සහ නවසීලන්තය
05 වැනිදා
බංගලාදේශය සහ ඉන්දියාව – ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව
06 වැනිදා
ඉන්දියාව සහ පාකිස්තාය
බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය
07 වැනිදා
එංගලන්තය සහ දකුණු අප්‍රිකාව
08 වැනිදා
ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය
09 වැනිදා
දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය- ඉන්දියාව සහ ශ්‍රී ලංකාව
10 වැනිදා
බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්
11 වැනිදා
ඔස්ට්‍රේලියාව සහ පාකිස්තාය
12 වැනිදා
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව – බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව
13 වැනිදා
එංගලන්තය සහ ස්කොට්ලන්තය – ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව
14 වැනිදා
පාකිස්තාය සහ නවසීලන්තය
15 වැනිදා
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගයෙන් ප්‍රථම වටය අවසන් වන අතර ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වන කණ්ඩායම් 4 අතර ප්‍රථම අවසන් පූර්ව තරගය 17 වැනිදාත්, දෙවන අවසන් පූර්ව තරගය 18 වැනිදාත් පැවැත්වීමට නියමිත අතර එයින් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක අතර අවසාන මහා තරගය ඔක්තෝබර් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
Lanka Newsweek © 2024