Friday 4th of October 2024

English Tamil
Advertiesment


නුවන් ඉන්දික බාධක මතින් පැන ජය ලබයි 


2024-08-28 14371

 


2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී පදක්කමක් දිනන්නට දැඩි අදිටනින් පසුවෙන හම්බන්තොට, වැටිය බරවකුඹුර ගමේ ජීවත්වන එම්.ජී. නුවන් ඉන්දික මෙවරත් පැරා ඔලිම්පික් උළෙලේ බලාපොරොත්තු රැසක් තබාගෙන සිටී. ඔහු අධ්‍යාපනය ලැබුවේ වැටිය ධර්මපාල ජාතික පාසලෙනි.

වොලිබෝල් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ ඉන්දික කලාප, දිස්ත්‍රික් තරගවලට සහභාගි වී තිබේ. පවුලේ ආර්ථික ප්‍රශ්නද දරුණු වූ අවස්ථාවක පාසල් අධ්‍යාපනයත් අතරමඟ නවතා දමමින් ඉන්දික හමුදාවේ රැකියාව සඳහා යයි.

2009.03.11 ඉන්දිකගේ ජීවිතයේ දුක්මුසුම දිනයයි. පුදුකුඩුඉරුප්පු කළපුවේදී මෝටාර් ප්‍රහාරයකට ලක්වී ජීවිතයේ හොඳම කාලය රෝද පුටුවක අත්වාරු ආධාරයෙන් ගත කරන්නට ඉන්පසු ඉන්දිකට සිදුවිය. සිරුරෙන් ආබාධිත වුවද මනසින් ශක්තිමත් වූ ඉන්දික ජීවිතය දිනන්නට හිත හයිය කරගත්තේය. නුවන් ඉන්දික ලොව දිනන ක්‍රීඩකයා මතුවන්නේ ඉන් පසුවයි.

2018 ඉන්දුනීසියාවේ පැවැති පැරා ආසියානු ක්‍රීඩා උළෙලේදී දුර පැනීමෙන් රිදී පදක්කමද, 2021 ඉන්දියාවේ පැවැති විවෘත පැරා ශූරතාවලියේ මීටර් 100 හා දුර පැනීමේ රිදී පදක්කමද, 2022 චීනයේ පැවැති පැරා ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 වාර්තාවත් සමඟින් රන් පදක්කම හා දුර පැනීමෙන් රිදී පදක්කමද, 2024 ලෝක පැරා ශූරතාවලියේ මීටර් 100 ලෝකට පදක්කමද ඔහු ලැබූ ජයග්‍රහණයන්ය.

Advertiesment