Monday 20th of January 2025

English Tamil
Advertiesment


රනුක්ගෙන් අර්ධ ශතකයක්


2024-08-27 14437


මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයක් ලෙස සිංහල ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර ඊයේ (26 වැනිදා) නිමා වූ තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සනත් ජයසූරියගේ පුත් රනුක් ජයසූරිය සමත් විය.

අගෝස්තු  (24 වැනිදා) ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 339ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 224ක් රැස් කිරීමට සමත් විය.

එහිදී සිය පළමු ක්‍රීඩා සමාජ තරගය ක්‍රීඩා කරන රනුක් ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 106කදී ලකුණු 54ක් රැස් කළේය. ඊට අමතරව නිකිත් පෙරේරා ලකුණු 61ක් රැස් කළේය.

ජය පරාජයෙන් තොරව නිමා වූ තරගය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත්ව තිබුණි

Advertiesment