Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුවේ සියයට 80ක් ජනපති එක්ක-විජයග්‍රහණය නියතයි 


2024-08-27 15186

 

බුලත් විට කඩයක්වත් කර නැති අය රටක් කරන්නේ කෙසේ ද..?

 

"VAT" අඩු කර ආදායම් උපයන්නේ කෙසේද..?

 

කඩා වැටුණු ආර්ථිකයක් පොරොන්දු දේශපාලනයෙන් ඉදිරියට ගෙන යනු බැහැ 

 

රවී කරුණානයක අවධාරණය කරයි 

 

පාර්ලිමේන්තුවේ 80%ක් මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින අතර එතුමාගේ ජනපති විජයග්‍රහණය නියත යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ ද කියා සිටියි. 

පාර්ලිමේන්තුවේ 80%ක් මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින අතර එතුමාගේ ජනපති විජයග්‍රහණය නියතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් සංශෝධනය කිර්ම සම්බන්ධයෙන් කරුණු කාරණා සහිත විවාදයකට එන්නැයි ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කළත් සුපුරුදු පරිදි ඔවුන් ඊට ආවේ නැහැ. 

මේ වන විට සමගි ජන බලවේගයෙන් 17ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහය පළ කිරීමට පැමිණ සිටිනවා. තව දෙතුන් දෙනෙක් ඉදිරියේ දී ඒවි. ජනාධිපතිවරණයට තව දවස් 26 යි. දේශපාලන පක්ෂ සුපුරුදු පරිදි විවිධ විවිධ දී කියමින් රට සහ ජනතාව නොමඟ යවමින් සිටිනවා.

දේශපාලන පක්ෂ මේ වන විට සාම්ප්‍රදායික පොරොන්දු දේශපාලන ක්‍රමයට යළි පැමිණ සිටිනවා. කඩා වැටුණු ආර්ථිකයක් එක්ක පොරොන්දු දේශපාලනයක් ඉදිරියට ගෙන ගොස් රට සංවර්ධනය කිරීමට හැකියාවක් නැහැ. මීට පෙර සිටී පාලකයිනුත් කළේ පොරොන්දු ලබා දෙමින් ජනතාව රැවටීමයි. 

පොහොර අඩු කරනවා සහ නොමිලයේ ලබා දෙනවා කියා පළක් නැහැ. එසේ කරන්නේ කෙසේ ද කියා රටට-ජනතාවට කිව යුතුයි. රට බංකොලොත් වුණේ 2019 වගේ මෙවැනිම සුන්දර දෙවල් කතා කරන්න ගිය නිසා බව මතක තබා ගත යුතුයි. "VAT" බද්දෙන් රුපියල් මිලියන 74,00ක් උපයනවාලු. ඒ බද්ද අඩු කරනවාලු. එවිට ඒ ආදායම උපයා ගන්නේ කෙසේ ද,,? ඒ ගැන කවුරුවත් කියනේ නැහැ.  .
 
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කරනවා නම් එසේ කරනේ කෙසේ ද කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග විවාදයකට පැමිණ කිව යුතුයි. කරුණු කාරණා සහිතව අප විවාදයට ලෑස්තියි. අප සතුව තිබෙන්නේ රට ගොඩනගන සැලැස්මක් පොරොන්දු මාලාවක් නොවෙයි. මේ පොරොන්දු ඡන්ද ගුණ්ඩු. මේ වගේ කතා කියනේ බුලත් කඩයක්වත් කර නැති අයයි. 

සමගි ජන බලවේගයෙන් මේ වන විට 17ක් ඇවිත් සිටින අතර තව දෙන්නෙක් තුන්දෙනෙක් ඉදිරියේ දී ඒවි. ඒ ගැන අඬබෙර ගහන්න අවශ්‍ය නැහැ. මේ කට්ටිය දේශපාලනය විවේචනය කරමින් සිටිනවා. නමුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ නෑ. 
 

Advertiesment