Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


ආරක්‍ෂිත දත්ත සහිත එකම පාසැල මාතරින්


2024-08-26 14679

 
තම දරුවා පාසලට එන යන විට දෙමාපියට SMS එකක්..ආරක්ෂිත දත්ත පද්ධතියක් ඇති ලංකාවේ පලමු පාසල බවට මාතර අනුර විද්‍යාලය පත් වෙයි...

 

තම දරුවන් පාසලට ඇතුළු වන අවස්ථාවේ දී මෙන්ම පාසල අවසන් වී නිවසට පිටත්ව යන අවස්ථාවේ දී ද ඒ බව දෙමාපියන්ගේ ජංගම දුරකතනයට එස්.එම්.එස්.පණිවූඩයක් මගින් ස්වයංක්‍රීයව දැනුම් දෙන දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට මාතර අනුර විද්‍යාලය සමත්ව ඇත.

නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන එවැනි දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කරන මෙරට පලමු පාසල බවට තම පාසල පත්ව ඇති බව විද්‍යාලයිය කලමණාකාර අධ්‍යක්ෂ ශාස්ත්‍රපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමියන් පැවසීය.පාසල් දරු දැරියන්ගේ සියලුම තොරතුරු පරිගනක ගත කර තිබෙන අතර ඒ තුලින් ඔවුන්ගේ විභාග ප්‍රතිඵල,අධ්‍යාපන ජයග්‍රහන,ක්‍රීඩා ජයග්‍රහණ ඇතුළු සියලු තොරතුරු දෙමාපියන්ට නිවසේ සිට පරික්ෂා කල හැකිය.

ඊට අමතරව මුදල් ගෙවීම් ආදී සියල්ල ද ඔන්ලයින් මගින් සිදු කීරිමේ පහසුකම් සලසා ඇත.

සෑම පාසල් දරුවකුම පාසලට ඇතුළු වන විට හා පිටවන විට පරිගනක තිරයට අත්ල ප්‍රදර්ශනය කල යුතු අතර එහිදී දෙමාපියන්ගේ ජංගම දුරකථනයට ඔවුන් පැමිණි වේලාව මෙන්ට පිට වන වේලාවද එස්.එම්.එස් මගින් දැනුම් දෙයි.ඒ තුලින් පාසල් දරුවන්ට පාසල මග හැර සිටීමේ හැකියාවක් ද නොමැත.

ඊට අමතරව පාසල් පැමිණීම නැවත සටහන් කල යුතු නොවන අතර ඔවුන්ගේ පැමිණීම පරීගනකයේම සටහන් වෙයි.
Bluesmart පුද්ගලික සමාගම,එස්.එල්.ටී.මොබීටෙල් සමාගම හා ලංකා බැංකුව එක් කර ගෙන මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ.

ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක් වු තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමියන් මෙසේ කීය.

“මේක අලුත් වැඩක්.පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කෙරෙන වැඩක්.කිසිම දරුවකුට ගෙදරින් පිටතට ඇවිත් පාසලට නෑවිත් ඉන්න බෑ.සෑම දරුවකුම පාසලට ඇතුළු වන විට හා පිටවන විට දෙමාපියන් ස්වයංක්‍රීයව දැනුවත් කෙරෙනවා.මෙවැනි දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කරන එකම පාසල අපියි.

අපේ මේ සුවිශේෂී ව්‍යාප්තිය වගේම පාසල් පද්ධතිය ඉංශ්‍රීසි කරණයට පත් කීරීම නිසා ලබන වසරේ පලමු ශ්‍රේණියට ඇතුලත් කරන්න දරු දැරියන් දහසකට වැඩි පිරිසක් දැනටමත් අයදුම්පත් යොමු කර තිබෙනවා.සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම නවීන තාක්ෂණයට මුල් තැන දී ඩීජිටල්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ සදහා දියත් කර ඇති ව්‍යාපෘති සියල්ල සාර්ථක වී තිබෙනවා.”

පාසල් දරුවන්ට අමතරව ආචාර්ය මණ්ඩලයේ සේවයට වාර්තා කිරීම ද මෙම දත්ත පද්ධතිය යටතේ සිදු කෙරේ.

 

 

 

 

Advertiesment