Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


විපක්ෂයේ ඉදගෙනම අපි බිලියනයකට වැඩි අගයක් රටට එකතු කල බව සජිත් කියයි


2024-08-26 14383

 

විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහතා.ඉරිදා (25) තඹුත්තේගම නගරයේ පැවති ජන රැළිය අමතමින කියා සිටියේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මෙරට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට සේවයක් කළ බවත් සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් පාසල් පද්ධතියට අගයක් එකතු කළ බවයි.

තඹුත්තේගම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක බස් රථයක් ලබා දි පැය 48ක් යාමට පෙර කයිය නායකයෝ ටික තමාට බස් මෑන් යනුවෙන් නම් පටබැඳි බවත් එතුමා සදහා සඳහන් කළේය.

රට ගොඩගන්න කයිය නායකයන්ට නොව වැඩ කරන නායකයන්ට පුළුවන් බවත් කයිය නායකයෝ දන්නේ කයිවාරු ගහන්න මිස වැඩ කරන්න නොවන බවත් තමාට වැඩ කරන්න පුළුවන් හොඳම ශක්තිමත් හා බුද්ධිමත් කණ්ඩායම තමා සතුව සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ගුණාත්මකභාවයෙන් ඉහළ බීජ ලබා දෙන අතර ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොරත් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඒ අනුව පොහොර කිලෝග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබා දෙන බවත් තෙල් පොහොර ටික ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වංචාවකින් දූෂණයකින් තොරව එම යෙදවුම් ලබා දෙන බවත් ඊට අමතරව ඉන්ධන සහනයක් ද ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

ආණ්ඩුවට ගජමිතුරු කෝටිපතියන්ගේ සුපිරි සල්ලිකාරයන්ගේ ණය කපා හරින්න පුළුවන් නම් අහිංසක ගොවියාගේ ණය ද කපා හැරිය හැකි බවත් සුපිරි පොහොසතාට පමණක් නොව ගොවියාට ද රටේ සමාන තැනක් හිමිවිය යුතු බවත් අනීතිකව ගජමිතුරු සම්බන්ධතා නිසා කපා හැරි එම ණය නැවත අය කරවා ගන්නා බවත් එම ණය අය කරවාගෙන ගොවියාගේ ණය කපා හරින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එමෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් ජනතාව මුදවා ගන්නා බවද ඔහු කියා සිටියේය.

Advertiesment