Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ ක්‍රේන්ද්‍රයේ සහය ජනපතිට 


2024-08-25 14787

 

රවීගේ මැදිහත් වීමක්-"Youth With Ravi" රට පුරා වැඩ අරඹයි 

 

රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා 

 

"L-Board" කාරයින්ට රටක් ඉදිරියට ගෙන යනු බැහැ. 

 

රවී කරුණානායක අවධාරණය කරයි 

 

 

ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ ක්‍රේන්ද්‍රය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය පූර්ණ සහ අනුග්‍රහය ලබා දීමට තීරණය කර තිබේ.

එම ජාත්‍යන්තර සංවිධානය මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේ, එක්සත් ජාතික පක්ෂ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මෙහෙය වීමෙන් කොළඹ දී පැවති "Youth With Ravi"  හෙවත් මගේ තරුණ සංවිධානයේ උත්සවයට එක් වෙමිනි. 

සහය ජනධිපාතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල්ට වික්‍රමසිංහ මහතාට සිය සහය ලබා දෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ කේන්ද්‍රය මගින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා හමුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ .  

ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂණ කේන්ද්‍රයේ පත්වීම් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම්  රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදු කෙරුණු අතර ඒ අවස්ථාවට එක්ව සිටී සියලු දෙනා ගෑස් සිලින්ඩරයක් ද ප්‍රදර්ශනය කරමින් ජනාධිපතිවරයාට සිය සහය පළ කළහ.

එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා කියා සිටියේ, කිසිම දේශපාලන නායකයෙකුට රට-ජනතාව වෙනුවෙන් භාර ගැනීමට නොහැකි වූ අභියෝගය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා භාර ගෙන ජය ගෙන පෙන්වා ඇති බවය.

කිසිම දේශපාලන නායකයෙකුට හෝ පක්ෂයකට රට-ජනතාව වෙනුවෙන් කිරීමට නොහැකි වූ දේ සිදු කර පෙන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය, හැකියාව, බලය සහ ජවය පෙන්වා ඇති බව ද රවී කරුණානායක මහතා සඳහන් කළේය. 

කඩා වැටී සහ බංකොලොත් වී තිබු අපේ රට මේ වන විට හුස්ම ගත හැකි තත්ත්වයකට පත් වෙලා. අපේ ඉලක්කවලට යන්නේ කෙසේ ද කියා තරුණ තරුණියන් එකට එක්ව සිතිය යුතුයි.රටක් ඉදිරියට ගෙන යා හැක්කේ එවිටයි.

දේශපාලන නායකයින් සහ පක්ෂ සිටියා. නමුත් සියලු දෙනා පැන දුවද්දී සිය නිවස පවා ගිනි තියද්දී  රට-ජනතාව වෙනුවෙන් සිය දිවි පරදුවට තබා අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. ඇත්තටම බැලිය යුත්තේ රට ගොඩනගන්න අවශ්‍ය ද කියන කාරණයයි. 

රටක ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයට ගැළපිය යුතුයි. වෛරක්කාරී ස්වරූපය රට ආපස්සට ගෙන යනවා. අද රට පුරාම කතා කතා කරන්නේ එක පුද්ගලයෙකු ගැනයි. කවුරුත් නැති අවස්ථාවේ අප වෙනුවෙන් කිසිවෙකු නොහිටපු නිසා අද එතුමා ගැන රටම කතා කරනවා..

අන්තිමට කියන්න පුළුවන් ඔක්කොම පිස්සෝ හොරු කියලා. රට පාලනය කරන්න නිවැරදි සහ දක්ෂ නායකයෙකු අවශ්‍යයි. මේ අවස්ථාවේ නිවැරදි තීන්දු-තීරණ නොගත හොත් රට ආපස්සට යාවි. රෑ වැටුණා වලේ දවල් වැටෙන්න එපා. අප සියලු දෙනා එකට එක්ව අත්වැල් බැඳ ගෙන රට ගොඩනගමු. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට හැකියාව සහ දක්ෂතාවය තිබෙනවා. 

රටක් නැහැ-හෙටක් නැහැ කියන විට හෙටක් තිබෙන බව අප පැහැදිළිව කිව්වා. "L-Board" කාරයින්ට රටක් ඉදිරියට ගෙන යනු බැහැ. තරුණු තරුණියන්ට අනාගතය ගැන වැඩ පිළිවෙළක් ඇති කර තිබෙනවා. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ දේ අනෙකුත් කයියනායකයින්ට කරන්න නොහැකි වූයේ ඇයි..? ඒ තමයි නායකත්වය..! යනුවෙන් ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණයට කළේය. 

 

 

Advertiesment