Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


සජබ රජයක් යටතේ උපයන විට බද්ද සියයට 1.24 දක්වා අඩු කෙරේ 


2024-08-25 14534

 

2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළට 

 

17,800ක් වූ අවම ජීවන වියදම් දීමනාව 25, දක්වා වැඩි කෙරේ 

 

විපක්ෂ නායක අවහරණය කරයි  

 

තමා ජනාධිපති වූ විගස රාජ්‍ය සේවක සේවිකාවන් ප්‍රමුඛ වැඩ කරන ජනතාව මත පටවා ඇති 6.36% දක්වා වූ අති විශාල බද්ද  1.24% දක්වා අඩු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

එසේම රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සදහා විශේෂ කොමිසමක් පත් කර ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය සේවයට නිරත වී සිටින නිලධාරින්ට 2025 ජනවාරි සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් වැඩි කරන බවත් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන 17,800ක අවම ජීවන වියදම් දිමනාව 25,000 දක්වා වැඩි කර සියලුම රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප 57,500 දක්වා වැඩි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික වෙයි.

රාජ්‍ය සේවකයින්ට ලැබෙන්නේ මාසික දීමනාව පමණක් බවත් අමතර ආදායම් නොමැති බවත් වැටුපත් බදු ලෙස කැපෙන විට ප්‍රශස්ත රාජ්‍ය සේවයක් කිරීමට මානසික ශක්තිිය නොලැබෙන නිසා මේ සහන ලබා දෙන බවත් ඊට අමතරව රාජ්‍ය සේවය නූතනවාදී කර "සුහුරු ශ්‍රී ලංකාවක් සහ සුහුරු රාජ්‍යයක් " වැඩ සටහන හරහා සුහුරු රාජ්‍ය පාලනයක් සහ ප්‍රශස්ත පුහුණුවක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි. 

මේ වන විට රටේ හරි අඩක් ජනතාව දැඩි දිළිඳු භාවයකින් සහ අගහිඟකම්වලින් අන්ත දරිද්‍රතාවට පත්ව ඇති මොහොතක රටේ සමස්ත ජනතාව දුකින් මුදවා ගන්නා මානුෂීය මෙහෙයුමට සමගි ජන බලවේගය ප්‍රවේශ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. 

මෙතෙක් කල් මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරින් සැලකුවේ රටට බරක් වී ඇති පුද්ගලයින් ලෙස වුවත් හදිසියේම වත්මන් ආණ්ඩුවට රාජ්‍ය සේවකයාව වැදගත් වී ඇති බවත් ඊට හේතුව වන්නේ අවස්ථාවාදීත්වය බවත් තමාගේ බලය රැක ගැනීමට සීනි බෝල දේශපාලනයෙන් රාජ්‍ය සේවකයින් රැවටීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. 

රාජ්‍ය සේවය රටට පාඩුවක් බවට චෝදනා එල්ල කළ මේ අය මේ වන විට බොරු පොරොන්දු ව්‍යාපෘතියක නිරත වන බවත් සමගි ජන බලවේගය බොරු පොරොන්දු ලබා නොදෙන අතර කියන දේ කරන බවත් පවසන සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ බොරු පොරොන්දු වෙනුවට නියමිත සැලසුම ඉදිිරිපත් කරන බවත් සමගි ජන බලවේග යුගය ආරම්භ වූ පසු ඒවා ඉටු කරන බවත් කියා සිටියි. පැවසීය.

Advertiesment