2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව කියා සිටියේ සිකුරාදා(23) වරකාපොළ පැවති ජන රැළියක් අමතමින්.ඔහු කියා සිටියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ට ලබා දෙන ජීවන වියදම් දීමනාව 25,000 දක්වා වැඩි කිරීමටත් රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප දීමනා සහිතව රු. 57,500 දක්වා ඉහළ දැමීමටත් කටයුතු කරන බව ඔහු කියා සිටියා.
Lanka Newsweek © 2024