රනිල් වික්‍රමසිංහ යනු නවීකාරක සහ නූතනවාදී අදහස් සහිත දේශපාලන නායකයෙකි. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය සමඟ රනිල්ගේ ප්‍රශංසනීය සම්බන්ධය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශ්ලේෂකයෙකු වන චානුක වත්තේගම විසින් 2019 ජූලි 23 වන දින ඩේලි මිරර් පුවත්පතේ - ජනාධිපති මැතිවරණය 2020: අපගේම ඩිජිටල් අනාගතයක් නිර්මාණය කරන්නේ කවුරුන්ද? යන ඔහුගේ ලිපියේ මැනව්න් විස්තර කර ඇත. “මගේ ඉන්දියානු මිතුරන් තවමත් ඉන්දියාවේ ඩිජිටල් විප්ලවයේ පුරෝගාමියා ලෙස රජිව් ගාන්ධි ගැන ඉතා ඉහළින් කතා කරයි. ගාන්ධිට 1989 දී බලය අහිමි වූ අතර යලි පැවැත්වූ මැතිවරණයට පෙර ඔහුව ඝාතනය කරන ලදී (ඉන්දියාවේ ඩිජිටල් විප්ලවය ආරම්භ වීමට පෙර). 1989න් පසුව පී.වී. නරසිංහ රාඕ විසින් ආචාර්ය මන්මෝහන් සිං සහ චිදම්බරම් සමඟ ලිබරල් ආරථික ප්‍රතිසංස්කරණ යටතේ ඉන්දියාවේ ඩිජිටල් විප්ලවය ආරම්භ කළේය. නමුත් ඒ සියල්ලට මුල පිරු උද්යෝගිමත් පුද්ගලයා ගාන්ධිය. ලංකාවේ අපේම රජිව් ගාන්ධි අගමැති (එවකට) රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්.” (Presidential Election 2020: Who will craft our own digital future..? - Features | Daily Mirror)
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රනිල් විසින් ශ්‍රී ලංකාවේ පාසල්වලට VCR ප්ලේයර් සහ පරිගණක සහිත රූපවාහිනී යන්ත්‍ර හඳුන්වා දුන් අතර එමඟින් ශ්‍රී ලංකාවේ පාසල්වල ICT අධ්‍යාපනය ආරම්භ කරන ලදී. කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස රනිල් ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් SEA-ME-WE වෙත ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමට මූලික විය. එසේම ඔහු 1993 වසරේ ප්‍රථම INFOTEL තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෙළඳ ප්‍රදර්ශනය දියත් කළේය. 1993 දී ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ කළ සංචාරය අතරතුර එක්සත් ජනපද උප ජනාධිපති අල් ගෝර් මුණගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වාදීම සදහා අවශ්‍ය ගිවිසුමට එළබීම ඔහු විසින් කරන ලද විශිෂ්ට සේවයක් ලෙස සැලකිය හැකිය. 2002 දී අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු e-Sri Lanka වැඩසටහන දියත් කළේය. ඊට අමතරව තොරතුරු තාක්ෂණ කවුන්සිලය (CINTEC) වෙනුවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පිහිටුවීමට කටයුතු කළේය. එම කාලය තුළම ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් රාජ්‍ය වැඩසටහන වන ‘SmartGov’ ද ආරම්භ කළේය.
DIGIECON 2030 වැඩසටහන හරහා දියුණු තාක්ෂණය පදනම් කරගත් විසඳුම් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව තිරසාර, ඩිජිටල් සමාජයක් බවට පත් කිරීමේ අභිලාෂකාමී සැලැස්මක් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු දියත් කළේය. මෙම සත් අවුරුදු වැඩසටහනේ (DIGIECON 2030) කොටසක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය සඳහා තනි කවුළු අනුමත කිරීමේ ක්‍රියාවලියකට අමතරව විශ්ව ඩිජිටල් අනන්‍යතා වේදිකාවක් පිහිටුවීම, රජයේ ගෙවීම් විධිමත් කිරීම සහ ඩිජිටල් නාමික වීසා ක්‍රමයක් දියත් කිරීමට රජය අදහස් කරයි.
සුනිල් හදුන්නෙත්ති වැනි අන්තර්ජාලය හොග් ගාලා ගියොත් මොකද කරන්නේ වගේ විහුලුසහගත ප්‍රකාශ කරන පසුගාමී අදහස් ඇති දේශපාලන නියෝජිතයන් සිටින රටක රනිල් වික්‍රමසිංහයන් යනු අගනා සම්පතකි. රනිල් නිසා 1995දී ශ්‍රී ලංකාව නමැති පුංචි දිවයිනට අන්තරජාලයට පිවිසි ප්‍රථම දකුණු ආසියාතික රට බවට පත්වීමට හැකිවිය. එසේම ඔහු විසින් මෑතකදී සිදුකරන ලද ප්රශස්ත මැදිහත්වීම මත Starlink නමැති චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවාව සදහා අනුමැතිය ලබාදුන් ප්‍රථම දකුණු ආසියාතික රට බවට අපේ මවුබිම අද පත්වී ඇත. අද අපේ රටට සැබවින්ම අවශ්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ වැනි වචනයේ පරිසමාප්තයෙන්ම නූතනවාදී නවීකාරක නායකයෙකි.
Lanka Newsweek © 2024