ජනාධිපතිවරයා ඇතුළු රජය තමාගේ සුඛ විහරණය උදෙසා බංකොලොත් රටේ ජාතික සම්පත් සහ දේපොළ අවභාවිත කරමින් දුක්විදින ජනතාවට ලබා දිය යුතු ශක්තිය පැහැර හැර ජනතා විරෝධී රාජ්‍ය පාලනයක් මේ මොහොතේ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
මමත්වය රජයන යුගයක තමාගේ තනතුරු රැක ගැනීමට කළ හැකි උපරිම කූඨ උපක්‍රම යොදවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කර විධායක ජනාධිපති බලතල නින්දිත ලෙස යොදා ගෙන ඔවුන්ගේ දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගන්න උත්සාහ කරන මේ අධම යුගය පරාජය කර පොදු ජන යුගයක් කරා රට-ජනතාව ගෙන යාමට එක් වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
එසේම දේශපාලන ක්ෂේත්රයේ ඔලුගෙඩි හුවමාරු වන බවත් මුදලට, කොමිස්වලට, වරදානවලට, වරප්‍රසාදවලට, සල්ලිවලට සහ මත්පැන් බලපත්වලට සිය ආත්මය පාවා දෙන පහත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වන මොහොතක තමා ඇතුළු පිරිස ගත් තීන්දුව ගැන සතුටු වන බවත් එහි දි නොයෙකුත් බලපෑම් ආ බවත් රජයේ තනතුරු ගන්න කිියා ඇවිටිලි කළත් රට විනාශ කළ හොරු සමග නොව ලක්ෂ 220 ජනතාව සමග එකට සිට ගැනීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස තීරණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, මොරටුව සොයිසාපුර ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජන බලවේගය ජයග්රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යන ජන පවුර අමතමිනි.
අද තමා ගත් තීන්දුව නිිවැරදි බවට ඔප්පු වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ඇතුළු පංච පුද්ගල විනිසුරුවන් විසින්, පළාත් පාලන මැතිවරණ පැවැත්වීම වැළැක්වීමට රජය ගත් සියලුම ක්‍රියාදාම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දු කළ බවත් හිතුවක්කාර කටයුතු සහ නීති විරෝධි කටයුතුවලට වග කිව යුත්තේ ජනාධිපතිවරයා බවත් ඔහු මුදල් ඇමතිවරයා ලෙස මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කර ඇති බවත් බවත් මෙවැනි උත්තරීතර නීති කඩ කරන රට වෙන්දේසි ලන්තයක් කරන පාලකයෙක් සමග එකට සිට ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
තවද තව දින කිහිපයකින් පොදු ජනතාවගේ යුගය සමගි ජන බලවේගය බිහි කරන බවත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිිරිපත් වන්නේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයකු ලෙස බවත් ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න කටයුතු කළ මේ අයට අනාගතයේ දී අධිකරණය හමුවේ පෙනි සිටිමට සිදු වන බවත් මොවුන්ගෙන් මේ රටේ ජනතාවට වන්දි ලැබිය යුතු බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.
මේ ප්‍රෝඩාකාරී, වංචාකාරි සහ ජනතාව අන්දවන රට විනාශ කළ මන්ත්‍රීවරුන්ගේ වරමින් පත්වූ මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ජනතාවගේ දුක හඳුනන පාලනයක් ගෙන ඒමට එක් වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය..
ලක්ෂ 220 ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති ජංගම සේවාව ආරම්භ කරන බවත් රටේ බහුතරයක් ජනතාව මේ වන විට ජීවත් වීමේ අරගලයක මුහුණ දී ඇති බවත් තමා ජනාධිපති වූ පසු යහපත් ප්රජාතන්ත්රවාදී සැමට සෞභාග්‍යය ගෙන එන මාතෘ භූමියක් නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් අවධරණය කළේය.
Lanka Newsweek © 2024