ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයන් එකොලොස් දෙනකු මියගොස් ඇතැයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි.
ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්කම හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අගෝස්තු (15 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම ජලභීතිකාව සඳහා වෛද්‍යවරු නියම කරනු ලබන ප්‍රතිකාර නිසි ලෙස නොගැනීම නිසා මෙලෙස මරණ වාර්තා වන බවද ඔහු කීය.
මේ වනවිට ජලභීතිකාව සඳහා රජයේ රෝහල්වල නොමිලයේ එන්නත් ලබාදීම සිදුකරන බව පැවසූ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මෙසේද අදහස් පළ කළේය.
"බොහෝ විට මෙය බෝවෙන්නේ ජලභීතිකාව බෝකළ හැකි ක්ෂීරපායි සත්ත්වයකුගේ සපාකෑමකින්. එහෙම නැත්නම් තුවාලයක් මත ජලභීතිකාව තියෙන සතෙක් ලෙව කෑවොත්. ඒ වගේම ඇස් ආශ්‍රිතව, නාසය, මුඛය සහ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව තියෙන ශ්ලේෂ්මල පටල හරහා වුණත් තුවාලයක් නැතුව මෙය ශරීරගත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වෛරසය ඇඟට ඇතුළු වෙලා රෝග ලක්ෂණ මතු වෙන්න යන කාලය සති තුනත් - මාස තුනත් අතර වෙනවා.."
Lanka Newsweek © 2024