මැතිවරණ සමයේදී රාජ්‍ය මුදල් භාවිතා කරමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වීම තහනම් ක්‍රියාවක් බවත් එය නීතිවිරෝධි සහ සාපරාධී කටයුත්තක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගෝස්තු (21)වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
රිෂාඩ් බදියුදීන් මහතා සමගි ජන සන්ධානය සමඟ එකතුවීම හේතුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් වෙන් කළ විමද්‍යගත අරමුදල් අහිමි කිරීමට රජය කටයුතු කර ඇති බවත් එමෙන්ම රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරයෙකුට මිලියන 300 ක මුදලක් වෙන් කර ඇති බවත් එම මුදල් යොදාගන්නේ ජනාධිපතිවරණය සඳහා බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මෙවැනි නීති විරෝධි කටයුතු නොකරන ලෙස රජයේ නිලධාරීන්ට ප්‍රකාශ කරන බවත් මෙම නීති විරෝධි කටයුතු නතර කරන්න මැදිහත් වන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා හෙතෙම කීය
Lanka Newsweek © 2024