වගා හානි සඳහා අක්කරයකට දැනට ගෙවන රුපියල් 40,000 ක වන්දි මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට අදාළව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර ඇත.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඇමැතිවරයා හමු වී ගොවි ගැටලු පිළිබඳ සාකච්ඡාවක් කළ අතර, එහිදී ඔවුන් කියා සිටියේ වගා හානි සඳහා රජයෙන් දැනට ගෙවන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවය.
මේ වනවිට සෑම වසරකම නියඟය, ගංවතුර සහ වනසතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ යමින් පවතින නිසා වගා හානි වන්දි මුදල ඉහළ නැංවීමේ අවශ්‍යතාව ගොවීහු ඇමැතිවරයාට පෙන්වා දෙන ලදී .
මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බවත්, ඊට ජනාධිපතිවරයාගේ එඟත්වය පළවී තිබෙන බවත්ය. ඒ අනුව ඉදිරියේදී වගා හානි සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 250,000ක වන්දි මුදලක් රජයෙන් ලබාදීමට නියමිතය. ගොවි ජනතාවගෙන් කිසිදු දායකත්ව මුදලක් අය නොකර මෙම වන්දි මුදල ගෙවීමට කටයුතු සිදු කරන බවය..
මෙම වගා හානි වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නියඟය, ගංවතුර හා වන සතුන්ගෙන් සිදුවන වගා හානි සඳහා වන්දි ලබාදීම සිදු කෙරේ. ඒ අනුව වී, බඩඉරිඟු, මිරිස්, ලූනු, සෝයා බෝංචි සහ අර්තාපල් එම භෝග වර්ග හය මෙම රක්ෂණයට ඇතුලත් වේ..
Lanka Newsweek © 2024