නැන්දම්මාව ඝාතනය කර බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදුකර ඇති බවට අගෝස්තු (20)වැනිදා සවස් කාලයේ දී පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසනවා.
අවුරුදු 55ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්රදේශයේ පදිංචි කාන්තාවකයි මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.මුදල් ආරවුලක් මත සැකකරු බිරිඳ හා බිරිඳගේ මව සමග බහින්බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.
පසුව බිරිඳගේ මවට ගලකින් පහරදී හිසට බරපතළ තුවාල සිදුකර ඇති අතර, තුවාලකාරියව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂය තිබෙනවා .
බිරිඳ සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි ද පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.සිදුවීම සම්බන්ධයෙන් 44 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගලපිටමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Lanka Newsweek © 2024