කෝටි ගණන් සල්ලි විනාශ කරපු කාබනික පොහොර වංචාව-නැනෝ පොහොර වංචාව කළෙත් මහනුවර කෙනෙක්! දැන් LRC ඉඩම්වලටත් බලපෑම් කරමින් ඒ ඉඩම් ගන්න යනවා! මේ හොරු අපි නීතිය හමුවට ගේනවා! නාවලපිටියටම ඇවිත් සජිත් මේ කියන්නේ කවුරු ගැනද?
වර්තමානයේ රටේ ඇත්තේ එක්තරා ධනවතුන් පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාදාමයක් බවත් ඒ නිසා IMF ගිවිසුමෙන් පවා වැඩ කරන ජනතාවගේ ETF, EPF එකට පිට්පොකට් ගසා සුපිරි ධනවතුන් බේරු බවත් විපක්ෂ නායකවරයා පැවසීය
කැපකිරීම් කරනවා නම් හැමෝම කැපකිරීම් කළ යුතු බවත් කැපකිරීම් මුලින් කළ යුත්තේ පාලකයෝ බවත් රටේ නායකයා උපරිම කැපකිරීම් කළ යුතු වුවත් ජනතාවගේ කර පිට බදු බර පටවමින් යන බවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා එය කරන්නේ IMF එක කියු නිසා බව පැවසුවත් එය ජනතාව රවටන ප්‍රකාශයක් බවත් IMF ගිවිසුම තුළ එවැනි දෙයක් නොමැති බවත් රජය උත්සාහ කරන්නේ ජනතාව අසහනයට පත් කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද නාවලපිටිය නගරයේ පැවැති සමගි ජන බලවේගය ජයග්‍රහණයෙන් විජයග්‍රාහණය කරා ගෙන යන ජන රැළිය අමතමිනි.
රට විනාශ වී ඇති මොහොතක වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කරුවන් රටේ ආර්ථිකය මෙහෙයවීම ගජමිතුරන්ට ලබා දී ඇති මොහොතක නැවත වරක් ආර්ථිකය වර්ධනය කරවන පුළුල් කරවන ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සියලුුම ජනතාවට ලබා ගත හැකි හැමෝම එකතු කර ගත් ආර්ථික සංවර්ධන යුගයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම සමගි ජන බලවේග රජයක් තුළ අසාධාරණය හොරකම වංචාව දූෂණය රජ කරන අද සමාජ සාධාරණත්වය යුක්තිය නීතියේ ආධිපත්‍යය හැමෝටම සමානව ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිලාභ සැමටම ලැබෙන යුගය සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේය.
තවද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කරන්නේ බොරු කිය කිය ජනතාව රවටා ඓතිහාසික ඇන්දවීමක නිරත වන බවත් ප්‍රෝඩාව මුසාව හරහා ජනතාවගේ කරපිට බර පටවන යුගයක් නිර්මාණය කරන බවත් මේ රජය බංකොලොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වංචා සිදුවන විට අල්ලස් කොමිස් ගහන කොට ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සමගිජන බලවේගය විශ්වාසභංගයක් ගෙන එන විට කෙහෙලියව රැකගත්තේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ 113 බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දැන් තේ වතුවල වැඩ කරන ජනතාව රවටමින් යන බවත් 1700ක් දෙනව කියා දැන් 1800ක් දෙනවා කියමින් තවදුරටත් රවටන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එදා රජය විසින් ඉස්ලමේ ජනතාවට විරුද්ධව ජාතිවාදය ක්‍රියාත්මක කරන විට එයට විරුද්ධව පාරට බැස්සේ සමගි ජන බලවේගය බවත් රටේ ජනතව ජාතිය ආගම අනුව කොන් නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාබනික පොහොර වංචාව නැනෝ පොහොර වංචාව කළ කෙනා ඉන්නෙත් මහනුවර බවත් මේ අය නීතිය හමුවට ගෙන යන බවත් කාබනික පොහොර හොරකම පමණක් නොව LRC ඉඩම්වලටත් බලපෑම් කරනමින් එවා ගන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සියලුම සමීක්ෂණ වාර්තාවලට අනුව සැප්තැම්බර් 21 ජයග්‍රහණය කරන්නේ තමා ඇතුළු සමගි ජන බලවේගය බවත් ඉන්පසුව පොදුජන යුගය බිහි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය
Lanka Newsweek © 2024