ජනාධිපතිවරණය සඳහා ප්රචාරක කටයුතු දැනට ආරම්භ කර සිටින ප්‍රධාන අපේක්ෂකයන් 06 දෙනකු එකම වේදිකාවට කැඳවා “ඇයි මම ඡන්දයට එන්නේ” ඇතුළු විශේෂ වැඩසටහනක් සැප්තැම්බර් 07 වැනිදා සවස 3.00 සිට 5.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට පැෆරල් සංවිධානය සැලසුම් කර ඇත.
මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන් සහ ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරුන් සහභාගිවීමට නියමිත බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා “දිවයින”ට පැවසීය.
මෙම පිරිසෙන් මේ වනවිටත් දෙදෙනකු වැඩසටහනට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා කීය. මෙම පිරිසට මූලික අවස්ථාවේදී තමන් රට හදන ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී අනතුරුව ජනතාව විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රශ්න ඔවුන් වෙත යොමු කරන බව ද ඒ මහතා කීය.
මේ වනවිට මෙම වැඩසටහන සජීවීව විකාශය කිරීම සඳහා සියලුම විiුත් නාළිකා සහ සමාජ මාධ්‍ය ජාල 200ක් පමණ එකඟතාව ප්‍රකාශ කර ඇතැයි ද ඒ මහතා කීය.
වැඩසටහනට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට තමන් බලයට පැමිණි පසු රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික වැඩපිළිවෙළ ඇතුළු කරුණු රැසක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව හිමිවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Lanka Newsweek © 2024