Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


සජිත් වෙනුවෙන් සමගි කාන්තාවෝ පෙරට 


2024-08-20 14640

මෙවර ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ සමගි කාන්තා සමුලු මාලාව අගෝස්තු  (18 ඉරිදා) කටුගම්පලින් අති සාර්ථක ආකාරයෙන් ආරම්භ විය.ජලනි ප්‍රේමදාස මහත්මිය සහ වෘත්තීය සංවිධානවල කාන්තා නායිකාවන්ගේ සහභාහීත්වයෙන් මෙම සමුලුව පැවැත්විනි.

එය කටුගම්පළ සජඹ ආසන සංවිධායක මහාචාර්ය චරිත හේරත් ගේ සංවිධායකත්වයෙන් ආසනයේ කාන්තා සාමාජිකාවන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මෙහිදී කථාකළ චරිත හේරත් ප්‍රකාශ කළේ මේ ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ බරපතල ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තු වෙන අවස්ථාවක බවත් ඒ අභියෝගය ජය ගැනීමට හැකියාව ඇත්තේ ශක්තිමත් නායකත්වයක්, පැහැදිලි වැඩපිලිවෙලක් සහ බුද්ධිමත් කණ්ඩායමක් තිබෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයට බවයි.

නීතිවේදි ලිහිනි ප්‍රනාන්දු ඇතුලු වෘත්තීයවේදිනියක් කීපදෙනෙක්ම මෙහිදී කථා කරනු ලැබුවේය..

Advertiesment