Sunday 13th of October 2024

English Tamil
Advertiesment


මංගල සමරවීරගේ උගත්ම ඥාති දියණිය විපක්ෂ නායකට එකතුවෙයි 


2024-08-20 14379

 

 ජ්‍යෙෂ්ඨම සහ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගෙ සහෝදරියගේ දියණිය වන චංචල ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක් වුවාය.

මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසු එතුමාගේ පවුලෙන් දේශපාලනයට පිවිසි පළමු කෙනා ලෙස චංචල ගුණවර්ධන මහත්මිය නම් කළ හැකි අතර ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. ඇය 2011 දී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රථම උපාධියත් 2012 දී වෘත්තීය සන්නිවේදනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියත් Clark University Massachusetts හි හදාරා ඇත.


හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා 1983 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය තුළ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ අතර 2010 වසරේ දී ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. මුදල්, ජනමාධ්‍ය, විදේශ කටයුතු ආදී ප්‍රබල අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති ඒ මහතා මිය යන විට සමගි ජන බලවේගය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයන් රැසක්ම ඉටු කරන ලදී. යහපාලන රජයේ දී ද වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවා රැසක් ඉටු කිරීමට කටයුතු කළ ඒ මහතාගේ අභාවය ශ්‍රී ලංකේය ජනතාවටත් දේශපාලනයටත් විශාල පාඩුවක් ලෙස දැක්විය හැකිය. එතුමාගේ මඟ අනුව යමින් එතුමාගේ සහෝදරියගේ දියණිය වන චංචල ගුණවර්ධන මහත්මිය මෙසේ සමගි ජන බලවේගය හා එක්ව සිය දේශපාලන ගමන ආරම්භ කළාය.

Advertiesment