රටේ ඉතිහාසය අලුතින් ලියැ වෙන මේ මොහොතේ මේ වැඩ පිළිවෙළේ සාක්ෂිකරුවන් නොවී එහි කොටස්කරුවන්. පාර්ශ්වකරුවන් සහ සටන්කරුවන් වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතග සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
රට සහ දිනවන ගමනේ කොටස්කරුවන් බවට සියලු පාර්ශ්වයන් පත් විය යුතු යුතු බවත් ඒ නිසා රට ශක්තිමත් කරන ගමනේ පාර්ශ්වකරුවන් බවට පත් වන ලෙසත්
ප්‍රායෝගික සහ ප්රගතිශීලී විපක්ෂයක් ලෙස තමා එදා සිට ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් සටන් කළ.බවත් දූෂණය සහ වංචාව තුරන් කිරීමේ අරමුණින් විශාල වැඩ කොටසක් ඉටු කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කයියනායකයින් වගේ වේදිකාවේ රගපෑම් නොකළ බවත් හිස් ලිපි ගොනු පෙන්වා ජනතාව අන්නද වන රංගනවල නිතර නොවු බවත් විපක්ෂයක් ලෙස රට බංකොලොත් කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය නීතිය හමුවට ගෙන විත් ඔවුන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට වන අධිකරණ තීන්දුව පවා ලබා ගත් බවත් සිහිපත් කළේය.
රටේ සම්පත්, දේපොළ සහ මුදල් හොරා කෑ අයගෙන් ඒ සියල්ල රටට-ජනතාව යළි ලබා දෙන බවත් ඒ වෙනුවෙන් දැනටමත් පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්න සමගි ජන බලවේගය පමණක් බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
කිනම් හේතුවකටවත් තමාට හෝ පක්ෂයට හොරුන් සමග "Deal" නොමැති බවත් හොරුන් රකින රැකවලා සමගවත් "Deal" නොමැති බවත් මේ කට්ට කෛරාටික දේශපාලන සංස්කෘතියට නැවතිමේ තිත තබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතිකක විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගනයේ පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී මංගල රැළිය අමතමිනි.
මත්පැන් බලපත්‍රවලට විධාධ වරදාන, වරප්‍රසාදවලට සහ මුදක්වලට මන්ත්‍රීවරුන් විකිණෙන යුගය අවසන් කරන බවත් විවිධ අය විවිධ පාර්ශ්වවලට යන නමුත් සමගි ජන බලවේගයට පැමිණි මන්ත්‍රීවරුන් වරදාන සහ වරප්‍රසාදවලින් තොරව ප්‍රතිපත්ති ගරුකව පමණක ආ බවත් තම පක්ෂයේ මුදල් වෙන් කරන්නේ සක්වල සහ හුස්ම වැඩ සටහනට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
පනින අයට පනින්න දෙන ලෙසත් 2024 සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති තෝරන්නේ අනුප්‍රාප්තිකව නොව ජනතාවගේ ජන්දයෙන් බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා එදිනට පොදු ජන ජනාධිපතිවරයකු පත්වන බවත් සමගි ජන බලවේගය කියන දේ කරන කරන දේ කියන පක්ෂයක් බවත් සඳහන් කළේය.
ගෙවුණු වකවානුවේ ජාතිවාදය, ආගම්වාදය, වෛරය,සහ කෝපය කේන්ද්‍රීයව අවි අමොරා ගත් දේශපාලන නායකයන් බිහි වුවත් ඒ වෛරය මැදින් සමගියේ බීජය පැල කර සමගි ජන බලවේගය බිහි කළ බවත් බෙදා වෙන් කරන පිළිකාව වෙනුවට ආදරය, කරුණාව, සංවේදී භාවය ඇති රාජ්‍ය පාලනයක් අවශ්‍ය බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා තුවාල ලත් දේශය සුවපත් කරන්න තමා සූදානම් බවත් කීය.
තවද රටේ ගැටලු අන්තවාදී සමාජවාදී වැඩ පිළිවෙළට විසඳිය නොහැකි බවත් දුෂණය, වංචාව. හොරකම තුරන් කර හොරුන් හොරා කැ සම්පත් නැවත රටට ලබා ගන්නා ගමනකට සමගි ජන බලවේගයට ශක්තිය ලබා දෙන ලෙසත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා හොරන් බෙහෙත් වංචාව සිදු කළ වූ අවස්ථාවේ පවා සමගි ජන බලවේගය විශ්වාසභංගය පවා ගෙන ආ බවත් එම ඖෂධ වංචාවට සම්බන්ධ අයට, ඖෂධ වංචාවට පක්ෂව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් අයට නැවත රට භාර නොදී නිවැරදි තින්දුව ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Lanka Newsweek © 2024