Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


කැපවීමෙන් වැඩ කළ යුතු බව හිරුනික කියයි.


2024-08-14 14325

එළඹෙන ජනාධිපතිවරණයට සියලුම කැපකිරීම් කළ යුතු වන අතර මෙය අවසන් අවස්ථාව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළාය.

ඒ, අගෝස්තු  (14) වැනිදා සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන්නයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදුවිය.සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු බලය ගත් පසු වසර 10ක් ආණ්ඩුව පවත්වාගෙන යා හැකි බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ.ඒ අනුව ජයග්‍රහණය තෙක් විශාල කැපකිරීමක් කිරීමට සිදුවන බව ඇය සඳහන් කරන ලදී.

Advertiesment