Monday 24th of March 2025

English Tamil
Advertiesment


රනිල් සටනට එන්නේ දේශපාලන පක්ෂ 35ක් එක්ක 


2024-08-13 14394

 


මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉතාමත් කාර්යක්ෂම සේවාවක් සපයන ත්‍රී රෝද රථ රියදුරන්ට වෘත්තිය භාවයක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම වැඩ මුළුව පැවැත්වූවා යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා පැවසීය.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය මගින් සංවිධානය කෙරුණු නිපුණතා සංවර්ධන වැඩමුළුව අවසානයේ කොළඹ තොට ළඟ පැවති සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

ඒ තොට ළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ උතුරු කොළඹ ප්‍රධාන කාර්යාලයේදී. සහතික පත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ රවී කරුණානායක මහතා මෙලෙස අදහස් දැක්වූවා.
.
මේ ඔස්සේ එම ත්‍රීරෝද රථ රියදුරන්ට නව මාර්ගෝපදේශයක් ලැබෙන බව ද ස්ක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය..

ඒ අතර වතු කම්කරුවන්ට රුපියල් 1700 කින් වැටුප් වැඩි කිරීම පිළිබඳවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා දේශපාලන පක්ෂ තිස් පහකට ආසන්න පිරිසක් සන්ධානගත වන බවත්  විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් ඉදිරියේ දී ඊට එක් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය

Advertiesment