දිනකට රුපියල් 1700ක වැටුපක් වතු කම්කරුවන්ට ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස අගෝස්තු(12)වැනිදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවයි.
.
වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථසාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව ද , මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තීය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
.
Lanka Newsweek © 2024