Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


මනුෂ ඇමැතිධූරය දැරූ කාලයේදී ඩොලර් බිලියන 12.4ක් රටට එවලා


2024-08-10 14393

 

''විදේශ ගත ශ්‍රමිකයෝ ජූලි මාසයේදී ඩොලර් මිලියන 566ක් රටට එවලා - අඛණ්ඩව ඩොලර් මිලියන පන්සීයේ පංගුකාරයෝ වෙලා''

 

''රටක් හදන්න නම් ආර්ථිකය ගොඩ ගත යුතුයි-ආර්ථිකය ඒ මාර්ගයට ඇවිල්ලා''

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා වැඩ භාරගත් දිනයේ සිට අමාත්‍යාංශයෙන් ඉවත්ව යන තෙක් කාලය තුළදී විදේශ ගත ශ්‍රමිකයින් එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 12.5කි.

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා .පසුගිය වසරේ ජූලි මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ ජූලි මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 10.3කින් ඉහල ගොස් තිබේ.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම් නැති කර රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර හිමිව තිබුණි. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හයක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා යාමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හැකියාව ලැබී ඇත.

නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයින් සදහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලීයට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

හැබැයි රට මැරි මැරී අගාධයට යනකොට අපි පාර්ලිමේන්තුවට ආවේ මොකටද,  මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නද, මිනිස්සු පොලිම්වල මැරේනකල් බලන් ඉන්නද? එහෙම බැරි නිසා අපි අනීතික තත්ත්වයට රට යන එක වළකන්න මේ තීන්දුව ගත්තේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

මිට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රටට කන්න-බොන්න තිබුනේ නැහැ.රටේ ගෑස් සහ පොළිම් තිබුණා.සිය දූ දරුවන් කරපින්නාගෙන මවුවරුන් මහා පාරේ රස්තියාදු වුණා. මේ රටට-ජනතාවට විශාල මෙහෙවරක් කර ඇති බව අපේ විරුද්වාදීන් පවා කියනවා.ඒ යථාර්තය ජාත්‍යන්තරය පවා පිළි අරන් තියනවා.

 

 

Advertiesment