Sunday 13th of October 2024

English Tamil
Advertiesment


රට බංකොලොත් නොකළා නම් IMF යන්න අවශ්‍ය නැහැ 


2024-08-10 14376

 

ඒ වෙලාවේ IMF නොයා රටට ගොඩ යන්න බැහැ 

 

සිය කොන්දේසි අනුව වැඩ කරනවා ද කියා IMF බලා සිටිනවා   

 

එදා සිට විරුද්ධවාදීන් කියන්නේ පරස්පර කතා 

 

රජයක් වශයෙන් අත්සන් කළ තිබියදී IMF සන්ධෝධනය කරන්නේ කෙසේ ද..?

 

ජනාපති මේ රටට-ජනතාවට විශාල මෙහෙවරක් ඉටු කළ බව අපේ විරුද්වාදීන් පවා කියනවා 

 

ජනපති බලහත්කාරයෙන් ජයග්‍රහණය කරනවා නම් පාර්ලිමේන්තුව විසුරුවනවා

 

රටක් හදන්න නම් ආර්ථිකය ගොඩ ගත යුතුයි-ආර්ථිකය ඒ මාර්ගයට ඇවිල්ලා  

 

උතුරත් නැගෙනහිරත් එක්ක හරියට කටයුතු කරන්නේ ජනපති කියා ඒ ජනතා පිළි ගෙන තිබෙනවා 

 

රට ගොඩගන්න නම් රුපියල් බිලියන 12 ක් අවශ්‍ය බව රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉතා පැහැදිළි ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන්නේ ආඒඒආටඃ ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරනය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා මේ බව කියා සිටයේ,කොළඹ සිකුරාදා (09) පැවති විශේහ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

රටේ අපනයනය වැඩි කරලා බිලියන 22ක් දක්වා වැඩි කර රුපියල් බිලියන 22ක් සොයා ගත යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් එකට එක්ව මේ මොහොතේ වැඩ කරමු කියා සමගි ජන බල වේගයට ආරාධනා කළත් ඔවුන් එම ආරාධනය පිළි ගත්තේ නැහැ

මේ අතර මේ වර්ෂයේ ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පවත් වනවාදැයි ජනතාව ප්‍රසන කළා.කුඩා කුඩා මැතිවරණ නොපවත්වා ජනාධිපතිවරණයම පවත් වමින් ඔහු ඒ සදහා නිර්පාක්ෂික,පොදු සහ ජාතික නායකයා ලෙස සටන් වදින්නේ ඒ නිසයි.

මිට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රටට කන්න-බොන්න තිබුනේ නැහැ.රටේ ගෑස් සහ පොළිම් තිබුණා.සිය දූ දරුවන් කරපින්නාගෙන මවුවරුන් මහා පාරේ රස්තියාදු වුණා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට-ජනතාවට විශාල මෙහෙවරක් කර ඇති බව අපේ විරුද්වාදීන් පවා කියනවා.ඒ යථාර්තය ජාත්‍යන්තරය පවා පිළි ගන්නවා.  තියෙනවා

ජාතික ජන බලවේගයේ කේ ඩී ලාල් කුමාර මහතා කාන්ත කලා ප්‍රකාශය බරපතළයි එහෙම කිව්ව නම් ඒ ප්‍රකාශය වැරදියි කේ ඩී ලාල්කාන්ත කන බොන මිනිහෙක්. ඇයි එහෙම කිව්වේ..? 

Advertiesment