Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


රොෂාන් රණසිංහට සිදු වන්නේත් සජිත්ගේ ඔඩොක්කු කුක්කෙකු වීමටයි 


2024-08-08 14367

 

රටම ඉල්ලන්නේ රනිල්ව 

 

සුදත් චන්ද්‍රසේකර "United Youth" ගැන ජනමාධ්‍ය හමුවේ උත්තර දෙයි 

 

 

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්තයාටත් සිද්ධ වන්නේ විපක්ෂ නායකගේ ඔඩොක්කු කුක්කෙකු වීමට යැයි "United Youth  "United Youth" සංවිධානයේ සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා අවධාරණය කර සිටියි.

"United Youth" සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා මේ බව කියා සිටියේ, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත්, කාන්තා අංශයේ ප්‍රධානි  ප්‍රවීණ රංගන ශිල්පීණි ශෂිකලා හෙට්ටිආරච්චි, කුරුණෑගල දිස්ත්‍රික් නායක සුපුන් රණසිංහ සහ ගල්ගමුව කොට්ඨාශ සංවිධායක මාලිංග බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයේ  ඇහැටුවැව කොට්ඨාසයේ හුනුගල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයයේ සහ මානක්කුලියාගම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්ට පාසැල් උපකරණ බෙදාදීම සිදු කරමින් වන අතර එම උත්සවය  ගල්ගමුව හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රී ප්‍රසන්න වන්නිනායක මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරිණ.

එහිදි ජනමාධ්‍යෙවේදින් ඇසු ප්‍රශ්නවලට "United Youth" සංවිධානයේ සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
.
ප්‍රශ්ණය -- ඔබ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිතයක්. මේ United Youth සංවිධානය එහි දිගුවක්ද..?

පිළිතුර - නැහැ...කොහෙත්ම නැහැ. අර්ජුන කමලනාත් මහතා කිව්ව විදියට මේ සංවිධානය හඩක් නැති ජනතාව වෙනුවෙන් හඩක් නගන, ඔවුන්ට අත්වැලක් වන සංවිධානයක් පමණයි.

ප්‍රශ්ණය - ඒත් අපි දැක්කා මෙම සංවිධානයේ උත්සව කිහිපයකට ඔබ ජනාධිපතිවරයා ගෙනල්ලා තිබුණා. එතකොට කොහොමද දේශපාලනයට සම්බන්ධ නැහැ කියන්නේ..?

පිළිතුර - ඒක මම පිළි ගන්නවා. ජනාධිපතිතුමා කියන්නේ රටේ නායකයා. එතුමාව ගෙනල්ලා තරුණ තරුණියන්ගේ ප්‍රශ්න  කෙලින්ම එතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම දේශපාලන නොව ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. ඒක ඔවුන්ට අලුත් අත්දැකීමක් වුණා. පිළි ගැනීමේ කතාව හැර කිසිදු දේශපාලන කතාවක් එහිදි සිද්ධ වුණෙත් නැහැ.

ප්‍රශ්ණය - ඉදිරි ජනාධිපතිවරණයේදි ඔබ සංවිධානයේ තීරණය කුමක්ද..?

පිළිතුර - අප අපගේ සංවිධානයේ කටයුතුවලට හෑම ගමකම වාගේ සංචාරය කරනවා. ඒ ගම්වල, නගරවල සහ රට පුරා ජනතාව කියන්නේ කුමක් වුණත්  මෙවර ඡන්දේ ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට කියායි, මොකද වැටුණ රට ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඉතින් අපිත් ඉන්නේ ජනතාවගේ මතයෙම තමයි.

ප්‍රශ්ණය - ඒ කියන්නේ ඔබ මේ කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කඩේ යෑමක්ද..?

පිළිතුර - මතයක් ප්‍රකාශ කිරීම සහ හරි දේ හරි කියලා කියන එක කඩේ යැමක් කියලා මම හිතන්නේ නැහැ.

ප්‍රශ්ණය - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළොත් එම තත්ත්වය රනිල් වික්‍රසිංහ ජනාධිපතිවරයාගේ ඡන්දවලට බලපානවා නේද..?

පිළිතුර - ඔව් ඔබ හරි. දැන් රනිල් රාජපක්ෂ කියලා කියන්න බැහැනේ. දැන් රනිල් වික්‍රමසිංහ. එම තත්ත්වය පා වෙන ඡන්දවලට බලපෑමක් කරනවා. මෙම ඡන්දය අනිත් ඡන්දවලට වඩා වෙනස්. නිහඬ ස්වභාවයක් දිගටම පවතිවි. පා වෙන ඡන්ද සහ ජනතාවගෙන් වැඩි පිරිසක් අවසානයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දීමට පෙළඹේවි. ඒක තමා මට පෙනෙණ යථාර්ථය.

ප්‍රශ්ණය - ඔබ කලින් උපදේශකවරයා වශයෙන් කටයුතු කළ හිටපු ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා තිබුණා. දැන් මොකද ඒ ගැන හිතන්නේ..?

පිළිතුර - ඒක නම් එතුමාගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.. නමුත් මම කියන්නේ ඒක කවදාවත්ම සිදු නොවන දෙයක්. එතුමත් එක්ක හිටිය අර්ජුන රණතුංග මහත්තයත් දැන් ඉන්නේ සමගි ජන බලවේගයේ.. එයාගේ දූෂණ විරෝධි සංවිධානයේ හිටපු අයත් රොෂාන් රණසිංහට නොකියාම සජබයට ගිහිල්ලා. රොෂාන් රණසිංහ මහත්තයාටත් සිද්ධ වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ  ඔඩොක්කු කුක්කෙක් වෙලා ගිහින් නැලවෙන්න තමයි. ඒ හැර වෙන විකල්පයක් නම් මට පේන්නේ නැහැ.

 

 

Advertiesment