ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ “රට වටා මාධ්‍යවේදියෝ සංවිධානය” විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අගෝස්තු (06දා) සංවිධානය කර තිබූ “ගෞරවාර්ථ හරසර” වැඩසටහනට එක්වෙමිනි.
රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යෑමට නම් වගකිව යුතු පක්‍ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් රටේ ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට තමාට කිසිදිනක අවශ්‍ය නොවූ බවත් රටේ ඉදිරි ගමන තීරණය කිරීමේ වගකීම මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවට පවරන බවත් සඳහන් කළේය.
මට කිසිදිනක මැතිවරණය කල් දැමීමට අවශ්‍ය වුණේ නැහැ. මැතිවරණ කල් දානවා කියා ඇතැමුන් කෑගැහුවා. බලය දෙන විට පැනලා යනකොට මැතිවරණ පවත්වා වැඩක් නැහැ. ජනාධිපතිකම, අගමැතිකම දෙන්න හදන විට පැනලා ගියා. රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කිව්වා. මැතිවරණයක් පැවැත්වීමෙන් පසුවත් අපට කරන්න බැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? මෙය අලුත් දේශපාලන ක්‍රීඩාවක් බවට පත්වෙලා තියෙනවා යැයි හෙතෙම එහිදී පැවසීය.
Lanka Newsweek © 2024