Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


සියයක් නගර වැඩසටහන අතරමඟ නැවතී


2024-08-07 14346

කඩුවෙල බස් නැවතුම්පොළ සංකීර්ණය නිසි නඩත්තුවක් නැතිකමින් නරා වළක් වෙලා


කඩුවෙල මහ නගර සභාව මඟින් පාලනය වන කඩුවෙල බස් නැවතුම් සංකීර්ණයෙහි පවතින අපිරිසිදුතාවය සහ නිසි නඩත්තුවක් නොමැති වීම නිසාවෙන් එම බස් නැවතුම්පොළ පරිහරණය කරනු ලබන තමන් දැඩි අපහසුතාවයට පත්වන බව මගීන්, බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් පවසති.

බස් නැවතුම්පොළ භූමියෙහි තැනින් තැන ගලි වළවල් උතුරා යාමත් කානු පද්ධතිය නිසි නඩත්තුවක් නොමැතිකමෙන් ජලය ගලා බැසීම අවහිරවීම නිසා තැනින් තැන ජලය රැඳී මදුරු කීටයන් බෝවීමත් දැඩි දුඟදක් වහනයවීමත් නිසාවෙන් මගීන් සහ අනෙක් පිරිස් දැඩි අපහසුතාවයට පත්වන බවද ඔවුහු පවසති.

අදාළ බස් නැවතුම්පොළ භාවිතා කරන මගීන් සඳහා වැසිකිළි පහසුකම් ලබා ගැනීමට මීටර් 180ක පමණ දුරක් යාමට සිදුවීමත් පානීය ජලය ලබා ගැනීම සඳහා බස් නැවතුමේ සිට මීටර් 100ක් පමණ දුරට යාමට සිදුව ඇති බවත් මගීහු පවසති.

එසේම ඉදිකරමින් පවතින වැසිකිළි පද්ධතියක වළවල් වසා දැමීමට කටයුතු නොකිරීම නිසාවෙන් එම වළවල් තුළ ජලය පිරී මදුරු කීටයන් බෝවී ඇතැයි ද මේ හේතුවෙන් හවස හතරෙන් පසු බස් නැවතුමේ විශාල මදුරු ගහනයක් සිටීම නිසාවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වන බවද බස් රථ කොන්දොස්තරවරු පවසති.
.
මේ සම්බන්ධයෙන් විමසීමට අප කඩුවෙල නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ මෙනවිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම සඳහා කිහිප අවස්ථාවක උත්සාහ කළ ද ඇය විශේෂ හමුවීම්

පාදුක්ක නගර සංවර්ධන වැඩසටහනද ඇනහිටී 

 

පාදුක්ක නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව ආරම්භ කළ සියක් නගර වැඩසටහන යටතේ, මීට වසර 03කට පමණ ඉහතදී මහජන මුදල් ලක්ෂ ගණනාවක් වැය කර ඉදිකර ඇති උද්‍යානයේ වැඩකටයුතු මේ වන විට අතරමඟ නවතා දැමීමත් සමඟම එම ස්ථානය නගරයේ ඇති එකම වනවදුල බවට පත්ව ඇතැයි ජනතාව පවසති.

පසුගිය කොරෝනා වසංගත සමයේ රාජ්‍ය ආයතනයක් විසින් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් කන්ටේනර් පෙට්ටියක් තබා වෙළෙඳසලක් ආරම්භ කළ ද, පසුකාලීනව එයද අතරමඟ නවතා දමා ඇත.

ඉන්පසු තවත් රාජ්‍ය ආයතනයක් එම ස්ථානයේම තම නිෂ්පාදන අලෙවි කිරීමේ වෙළඳසල පවත්වනවා ගෙන ගිය ද එයද කෙටි කාලයක් තුළදී වසාදමා ඇත.

මෙම ස්ථානය ආසන්නයේ පාදුක්ක බස් නැවතුම්පොළ ද ඇති අතර එම ස්ථානයට යන එන ජනතාව ද පාසල් දරුවන්ද මෙම ස්ථානයේ ඇති පරිසරය කෙරෙහි විමතියට පත්ව සිටිති.

මෙවැනි තත්ත්වයක් මත එම ස්ථානය කිසිදු වගකිවයුතු අංශයක් විසින් එළිපෙහෙළි කිරීමක් සිදු නොකිරීම නිසා එම ප්‍රදේශය ද නිකරුණේ වල් බිහි වෙමින්, රජය සතු සම්පතක්ද නිකරුණේ විනාශ වෙමින් පවතින බව බොහෝ දෙනා පවසති.

මීට අමතරව එම ස්ථානයේ ඇති කානු පද්ධතියද තණකොළවලින් වැසී ගොස් ඉතාමත් අනාරක්ෂිතයේ පවතින අයුරු දැක ගත හැකි විය.

මෙලෙස මහජන මුදල් වැය කර අතරමඟ නවතාදමා ඇති මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනමින් අවසන් කර, නගරයේ සුන්දරත්වය රැක ගැනීමට දායකත්වය ලබාදෙන මෙන් වගකිවයුතු අංශවලින් ජනතාව ඉල්ලා සිටිති.

 

Advertiesment