Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් පවා සජිත්ට එකතු වෙලා 


2024-08-06 14405

 

සජබයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත් කරලා 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකු ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක කුමාරසිරි හෙට්ටිගේ මහතා පවා විපක්ෂ නායක සහ සමගි ජන බලව්වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් විය.

මාතර, දෙනියායේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසුවේ මෙසේය.

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස සිටියදී කෝටි 9900 ක මහ බැංකු මහා කොල්ලයට චෝදනා ලැබුවා .ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින් ඒ චෝදනාව ජන ගත කළා .පනතාව පිළිගත්තා. 2019 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් වුණේ ප්‍රධාන චෝදනාව නිසයි. 

මහ බැංකු හොරා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එදා චෝදනා එල්ල කළ රනිල් මහත්තයා පසුව පාර්ලිමේන්තුවේ ඡන්ද 134 න් ජනාධිපති කළා .මේ වන විට එම තීරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටම පාරාවළල්ලක් වෙලා. පක්‍ෂය සුනුවිසුනු වෙලා .
 
"අද වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයින් අනාථ වෙලා. ප්‍රතිපත්ති ගරුක දේශපාලනය නැති තැන සි දුවන්නේ විනාශයක් .ඒ අයට ලජ්ජාවක් සහ බයක් නෑ .අප මේ අප්‍රසන්න සහ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කළ යුතුයි. ඒ වෙනස කරන්න පුළුවන් එකම නායකයා ලෙස බහුතර පොදු ජනයා විශ්වාසය තබා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ගැන පමණයි. ඔහු දුෂණයෙන් තොර සංවේදී නායකයෙක් .අපි ඔහුට ඉදිරි ජනාධිපතිවරණයෙන් රට භාර දෙමු .’ යැයි ඒ මහතා කියා සිටියේය.

දෙනියාය සමගි ජන බලවේගයේ සංවිධායක කේ .ටි .මහින්දරත්න මහතා ඇතුළු  ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී කතා කළ අතර දෙනියාය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක අනිල් වීරමන්, පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන අජිත් වසන්ත සහ මුනිදාස කණ්ඩම්බි යන මහත්වරු ද මේ රැස්වීමේදී සමගි ජන බලවේගයට එක් වූහ .

Advertiesment