Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


ශම්මි සිල්වා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට


2024-08-06 14404

 

සුදත් චන්ද්‍රසේකර පොලිසියට

 

රොෂාන් රණසිංහගේ වැඩක්..!

 

 

සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා  මහතාට එරෙහිව  ගොනු කර තිබූ පැමිණිල්ලක් අනුව බදාදා (07) දිනයේදී ‍ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පාර්ලිමේන්තු වරප්‍රසද කමිටුවට කැඳවා ඇත.

එමෙන්ම ‍හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සහ එම අමාත්‍යංශයේ උපදේශක වශයෙන් කලක් ක්‍රියා කළ සුදත් චන්ද්‍රසේකර මහතාගෙන් අඟහරුවාදා (06) දිනයේදී ද තලංගම පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදී.

ඒ සුදත් චන්ද්‍රසේකර යන අය ශම්මි සිල්වා  සමග එක්ව රොෂාන් රණසිංහ මහතාගේ නිවස පොඩි කරන බවට ද, ඔහුට මරණීය තර්ජන එල්ල කළේ යැයි ද,,තමාගේ ගමන් මඵවලට මත්ද්‍රව්‍ය දැමීමට සැලසුම් කළේ යැයි ද, ඒ අනුව සිය බිරිදගේ සහ දූ දරුවන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල විය හැකි යැයි ද කියන සිද්ධීන් සම්බන්ධයෙන් තලංගම පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩි දුර විනර්ශන කටයුතු සඳහය.

රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා විසින් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබුණේ සුදත් චන්ද්‍රසේකර සහ ශම්මි සිල්වා සිල්වා අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින අතර ඔවුන් දෙදෙනා පාතාලය සමග සබදතා පවත්වන බැවින්, ශ්‍රී ලංකාවේ හෝ විදේශයකදී තමාගේ ජීවිතයට සහ තම පවුලට මරණීය තර්ජනයක් එල්ල කිරීමේ අවධානමක් ඇති බවත්, තම ජීවිතය සහ තම පවුලේ ආරක්ෂාව රජය සහ පොලිසිය විසින් භාර ගත යුතු බවත්ය..

මිට ප්‍රථම රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. තමාට විදේශ රටකදී වස දී තම ජීවිතය විනාශ කිරීමට උත්සාහ කළ බවත්, ජපානයේ වෙෙද්‍යවරුන් විසින් සිදු කළ ශල්‍ය කර්මයේදි සහ පර්යේෂණයක දී ඒ බව තහවුරු වූ බවය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍යවරයෙක් වූ ගාමිණි අතුකෝරාල මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන්ද සුදත් චන්ද්‍රසේකර මහතාට චෝදනා එල්ල වී තිබිණි. නමුත් එම මරණය හෘදාබාධයකින් සිදුවූ මරණයක් බව වෛද්‍ය වාර්තාවේ සදහන් කර තිබිණි
 

Advertiesment