රාජ්‍ය සේවාවන්හි කාර්‌යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය තිබේ.රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ද්විකරණ දෝෂ අවම කිරීම හා තොරතුරු තහවුරු කර ගැනීම මඟින් ඵලදායීව හා ප්‍රශස්ථව කාර්යයන් ඉටු කිරීම පිණිස රාජ්‍ය ආයතනයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනු ඇත.
ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළුව සියලුම රාජ්‍ය මඟින් නියාමනය කරනු ලබන/සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමේදී ක්‍රමවෙිදයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකෙරිණි.
වයස අවුරුදු 15 ට වැඩි ශ්‍රි ලාංකික පුරවැසියකු හඳුනා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම. විදේශීය පුද්ගලයෙකු හඳුනා ගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්යවේ.
ආයතන අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය හිමිකරුවන්ගේ/ අධ්‍යක්ෂ එම ආයතන වල මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ද විදේශීය සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අංකය ද භාවිත කිරීම අනිවාර්යවේ.
අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ හුවමාරු කිරීමට හැකි වන අයුරින් දත්ත ප්‍රමිති කරණය සිදු කිරීම එම ක්‍රියාදමයි.
Lanka Newsweek © 2024