Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


United Youth යනු හඬක් නැති මිනිස්සුන් වෙනුවෙන් හඬක් නගන සංවිධානයක්


2024-08-06 14392

 

ජාතිය-ආගම-දේශපාලනය නැහැ  

 

ජාතිය, ආගම සහ පාසල  දේශපාලනයට පාවිච්චි කරනවාට අප විරුද්ධයි  

 

-අර්ජුන කමලනාත්-

 

 

United Youth සංවිධානය යනු හඬක් නැති මිනිස්සුන් වෙනුවෙන් හඬක් නගන සිවිල් සංවිධානයක් යෑයි ද,ඊට කිසිදු දේශපාලනයක්,ජාතියක් සහ ආගමක් නැතයි ද එහි ප්‍රවීන රංගන ශිල්පි අර්ජුන කමලනාත් මහතා පැවසීය.

ප්‍රවීන රංගන ශිල්පි අර්ජුන කමලනාත් මහතා මේ බව කියා සිටියේ, 2024.08.02 දින United Youth සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීන රංගන ශිල්පී අර්ජුන කමලනාත්, කාන්තා අංශයේ ප්‍රධානි ප්‍රවීන රංගන ශිල්පීණි ශෂිකලා හෙට්ටිආරච්චි, කුරුණෑගල දිස්ත්‍රික් නායක සුපුන් රණසිංහ සහ ගල්ගමුව කොට්ඨාශ සංවිධායක මාලිංග බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කුරුනෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයේ  ඇහැටුවැව කොට්ඨාසයේ  හුනුගල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයයේ සහ මානක්කුලියාගම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්ට පාසැල් උපකරණ බෙදාදීම සිදු කෙරුණු අවස්ථාවේ දී වන අතර එම උත්සවය ගල්ගමුව හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රී ප්‍රසන්න වන්නිනායක මහත්ස විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

උත්සව සභාව පිළි ගැනීමේ කතාවට සහ ස්තුති කතාවට පමණක් සීමා වූ අතර පිළි ගැනීමේ කතාව විදුහලේ සිසුවියක විසින්ද, ස්තුති කතාව විදුහල්පතිනිය විසින් ද සිදු කරනු ලැබූහ. එහිදී වැඩි දුරටත් අදහස දැක්වූ "United Youth" සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් එහි ප්‍රවීන රංගන ශිල්පි අර්ජුන කමලනාත් මහතාමෙසේ ද පැවසීය.

"United Youth" සංවිධානය යනු දේශපාලන සංවිධානයක් නොව, හඬක් නැති මිනිස්සුන් වෙනුවෙ හඬක් නගන සිවිල් සංවිධානයක් බව කිව යුතුයි.. ජනතාවගේ දුක සැප හොඳින් හඳුනා ගත්ත අප ජාති, අගම්, පාට පක්ෂ භේදයෙන් තොරව ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමට, ඔවුන්ගේ සමාජ, ආර්ථික, ආගමික සහ විනයගරුක අනාගත පරපුරක්  වෙනුවෙන් කළ හැකි සෑම සේවයක්ම කිරීමට සෑම අවස්ථාවකදීම ඇප කැප වී  ක්‍රියා කරන සන්විධානයක් බව කවුරුත් දන්නවා.. 

අප සංවිධානයට අනුබද්ධිත විවිධ සංවිධාන විසි හතරක් තියෙනවා. ඒ අතර නීතිඥවරුන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, ජනමාධවේදීන්, ගොවියන්, කම්කරුවන්, ගුරුවරුන්, වෙද මහත්වරුන් සහ තරුණ කොටස් ආදී මේ රටේ සෑම ජන කොටසක්ම නියෝජනය වන විශාල සංවිධාන ජාලයකින් යුතු සංවිධාන වන්නේ "United Youth" බලවේගයියි. 

අද අප මෙම පාසලට පැමිණියේ දේශපාලන කටයුත්තක් සඳහා නොවෙයි. මෙම උත්සවයේදී අප කිසිවෙක් එක වචනයක්වත් කතා කළේ නැහැ. පොත්පත් පාසල් උපකරණ බෙදා දුන්නේ දෙමව්පියන්ගේ ඉල්ලීමටයි. අප දැක්කා මෙම ප්‍රදේශයේ ජනතාව විශාල ආර්ථික පීඩනයකින් දුක් විඳින ජනතාවක් බව. ඔවුන්ට.අඩුපාඩු රැසක් තිබෙනවා. 

මෙම විද්‍යාලයේ අඩුම වශයෙන් වැසිකිලි-කැසිකිලි පසුකම්වත් නැහැ. පාසලක් මේක. ඒ අනුව ඉදිරියේදී දරු දැරියන්ට අපගේ ධන පරිත්‍යාගයෙන් හෝ හැකි ඉක්මනින් මෙම විද්‍යාලයට අවශ්‍ය වැසිකිලි කැසිකිලි පහසුකම් ලබල දෙන්න අප ක්‍රියා කරනා.
සමහර දේශපාලන නායකයින් වගේ පරිගණකයක් ගෝ බස් රථයක් ලබා දී ඒ දරු දැරියන් දේශපාලනයට පාවිච්චි කරන්න අප කැමති නැහැ. ඒ ක්‍රියාව පිළිකුල් සහගතයි. අපි පොත්පත් ලබා දී මේ ළමයින් එක්ක දේශපාලනය ගැන කතා කර දේශපාලන වාසි ගන්න සංවිධානයක් නෙමෙයි. 

ජාතිය, ආගම සහ පාසල  දේශපාලනයට පාවිච්චි කරන්නට විරුද්ධ සංවිධානයක් අප කරන්නේ සමාජ සේවයක් සහ සමාජ සත්කාරයක් බව කිව යුතුයි.. හඬක් නැති ඔබ වෙනුවෙන් සැමදා හඬක් නගන්නට, පිහිටක් නැති ඔබ වෙනුවෙන් කෙසේ හෝ පිහිටක් වන්නට "United Youth" සංවිධානය සදාකල් කැප වනවා කියලා මේ අස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ සියලු දෙනාගෙන් ලැබෙන සහය අප ඉතා අගය කරනවා.

 


 

Advertiesment