Monday 19th of May 2025

English Tamil
Advertiesment


ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වෙන අදහසක් දැරුවොත් රට හාන්සියි


2024-08-05 14568

 

අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


තව දුරටත් වැඩපිළිවෙළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි. 

 ත්‍රිකුණාමලය හෝටල් සංගමය විසින් ත්‍රිකුණාමලය Beach Resort හෝටලයේදී සංවිධානය කර තිබූ හමුවකට සහභාගී වෙමිනි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව ද විස්තර කළේය. 

එම සංචාරකයන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් මහා පරිමාණ හෝටල් රැසක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ත්‍රිකුණාමලය සංචාරකයන්ගේ ආකර්ශනීය  ගමනාන්තයක් බවට  පත් කිරීමේ දී හෝටල් සංගම්වලට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳවත් ජනාධිපතිවරයා සාකච්ඡා කළේය.

Advertiesment